ප්‍රධාන

රවී කරුණානායක වැරදිකරුබව ඇඟවීම විහිළු සහගතයි : නියම අපරාධකරුවන්ට දඬුවම් දෙනු..!

මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකේය දේශපාලනය කැළඹූ ගනුදෙනුව සේම ලෝක බැංකු ඉතිහාසයේ ද දැවැන්ත වංචාවක් බවට ප්‍රකට වී ඇති 2015 ශ්‍රී ලංකා මහ බැංකුව ආශ්‍රිතව සිදුවූ බැඳුම්කර ගනුදෙනුව තවත්වටයකින් නාටකයක් වීම වලක්වා ගතයුතු බවට දෙස් විදෙස් විද්වතුන්ගේ මත පලවෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඍජුව උච්චාවචනයන්ට බලපෑම්කරනවා සේ ම අන්තර් ජාතික වශයෙන්ද ශ්‍රී ලංකාවට ආධාර දෙන කණ්ඩායම් හි උනන්දුවට ද මේ ගනුදෙනුවේ පැතිකඩ විවිධාකාරව බලපාන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ ද මතයයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් ආයෝජන කෙරෙහි ඒ තත්ත්වය ඍජු බලපෑම් ඇති කර තිබෙන බවද පැහැදිලිය.

මේ සියලු කරුණු හමුවේ ආර්ථිකය කළමනාකරණය කරගැනීම වෙනුවට පටු දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට බිල්ලට දීම නවතාලීම වැදගත් බවට විද්වත් කතිකාවක් ඇතිවිය යුතු බවටද සමාජ විවරණයක් කිරීමේ සූදානමක් පවතී.

එමෙන්ම බැඳුම්කර කොමිසමේ මහ ඉහළින් සාකච්ඡාවට ලක් කෙරුණ ද රවි කරුණනායක සාධකය මේ වංචාවට හවුල් කරන්නේම ප්‍රධාන හවුල්කරුවන් හා මේ අපරාධයේ මහ මොළකරුවන් සැඟවීමට බවටද විවිධ ක්ෂේත්‍රයන්හි මත තීව්රවීමද සැලකියයුතු මට්ටමක පවතී. විශේෂයෙන් මෙතෙක් රවී කරුණනානායක පාර්ශවයට එරෙහි මත පලකළාවූ පුද්ගලයින් හා කණ්ඩායම් ද දැන් දැන් මේ පිළිබඳව දරන මතයේ සාධනීය වෙනසක් ඇතිව තිබීම මෙහිදී කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නියෝජනයන් පවා ඊයේ (2018 ජනවාරි 06) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන් හමුවේ රවී කරුණානායක මන්ත්‍රීවරයා බිල්ලට දීම පිළිබඳව කණස්සල්ල පලවීය.

මේ විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂය කළ ප්‍රකාශයකි.

Post Comment