දේශීය

සරුංගලය දරුවාට මරු කැඳවයි

යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවෙකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට ඇද වැටී අද (2018 ජනවාරි 07) උදෑසන මියගොස් තිබේ.

සතීස්කුමාර් ලික්ෂාන් නැමති මෙම සිසුවා අච්චුවේලි රාමලිංගම් පාසලේ ඉගෙණුම ලබයි.

උදෑසන මොහු සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිටිනු යාබද නිවසක අයෙකු දැක තිබේ.

ළමයා නිවසේ නොමැති බව දැක ඒ පිළිබදව සොයා බැලීමේදී සිසුවා ළිදට වැටී මියගොස් ඇති බව ළමයා සෙවීමට ගිය පිරිසක් විසින් දැක ඇත.

ළමයා සරුංගලය සමඟ සෙල්ලම් කරමින් සිටි අතර ඔහු ළිදට වැටෙන්නට ඇතැයි විශ්වාස කරයි.

අච්චුවේලි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

Post Comment