දේශීය

අර්ජුන් මහේන්ද්‍රන්ට නඩු

මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙකු වුවද මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් උදර්පන නීතිය යටතේ ඔහුට නඩු පැවැරිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියෙකු බැවින් ඔහු මෙරට නීතියේ ආධිපත්‍යයට යටත් නොවන බවට රාවයක් මතු වී තිබෙන බවත් මීට පෙරදී ද විදේශ පුරවැසිභාවය ලැබූ පුද්ගලයන්ට උදර්පන නීතිය යටතේ නඩු පවරා තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් වරදකරුවන්ට දියයුතු දඬුවම් පිළිබඳව සඳහන් කර තිබෙන බව පැවැසූ ඇමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරන බවද පැවැසීය.

Post Comment