ආකල්ප

ජවිපෙ පලාත් මන්ත්‍රීට පහරදීමට අන්තරේ එරෙහිවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ පලාත් සභා මන්ත්‍රී අශෝක රංවල ට පහරදී බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුතුකරමින් සිය විරෝධය පලකර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකරගේ අස්සනින් නිකත් කර ඇති නිවේදනයෙන්, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පහරදීම සහ මිය යාම් වැනි සිදුවීම් ඇකි රටක දේශපාලනඥයෙක් ප්‍රසිද්ධියේ පොලීසියට තර්ජනය කළේ යැයි පවසමින් මේ සිදුකළ ක්‍රියාවට ඔවුන්ගේ විරුද්ධත්වය පලකර තිබේ.

 

Post Comment