දේශීය

UNP ඇතුලත්මුදලිගේ දියණිය සරලා – සිරිසේනගේ ශ්‍රිලනිපයට පරලවෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලීගේ සහ ශීමනි ඇතුළත් මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුලත් මුදලි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය දැක්විමට සූදානම් බව ඇය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේය.

මේ අතර පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිව් දෙනෙකු ඇතුළු තවත් අපේක්ෂකයින් කිහිපදෙනෙකු ඊයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල නියෝජිතයින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය

Post Comment