ආකල්ප

සිරිසේන විසින් එජාපය විනාශකරනවැයි ජවිපෙට දුක හිතිලා ?

බැඳුම්කර කොමිසමි වාර්තාව එළි දක්වමින් ජනාධිපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසීය.

ෙපළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා ඊයේ (2018 ජනවාරි 06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා කියා සිටියේ එම කොමිසම් වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ජන්දය ලබා දෙන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතා වට එක් රැස්වී තරඟ වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බව බිමල් රත්නායක මහතා කියා සිටියි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ මෙතෙක් ලබා ගෙන ඇති ජන්දය ප‍්‍රමාණය අභිබවා කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගෙන තිබු ජන්දය ප‍්‍රතිශතයට වඩා වැඩි ජන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බවද බිමල් රත්නායක වැඩි දුරටත් කියා සිටියේය.

Post Comment