සංස්කෘති

ඊයේ රෑ ඩුබායිහි දී දුටු හොල්මන් යුවතිය

ඩුබායි ඉන්ටර්නැෂනල් සිටි හි වීදියක දී අහඔු ලෙස සෙල්ෆියක සටහන් වූ භූතාත්මයක් පිළිබඳව අසන්නට – දකින්නට ලැබෙනවා.

මේ සිදුවීම ඊයේ (2018 ජනවාරි 07) මැදියම් රැයේ දී සිදුව තිබේ.

ඩුබායි ඉන්ටර්නැෂනල් සිටි හි ක්ෂණික ආහාර බෙදාහරින්නෙක් ලෙස සේවය කරන පාකිස්ථානු ජාතික තරුණයෙක් මේ අද්දැකීමට ලක්ව සිටී.

දිනපතා සුපුරුදු පරිදි තම පෙම්වතිය සමග දුරකථන සංවාදයේ යෙදෙන ඔහු පෙම්වතියට යවන්නට සෙල්ෆියක් ගත් අවස්ථාවේ මේ අද්භූත සේයා රුව තම ජංගම දුරකථනයේ සටහන්ව ඇති බව “ලංකාසිටිසන්” හි අප සමග පැවැසිය. ඒ අනුව අප කළ විමසීමේ දී ඔහුගේ නවාතැනේ වෙසෙන ශ්‍රි ලාංකික හිතවතා සමගින් අපවෙත මේ තොරතුරු සන්නිවේදනය කළේය.

ඩුබායි හි මේ වීදියේ හරියටම මේ ස්ථානයේ මීට වසර කිහිපයකට පෙර අසනීප වූ කාන්තාවක් හදිසියේ මරණයට පත්ව ඇති බවත් ඔවුන් අද උදෑසන එහි ගොස් කළ විමසීම්වලදී දැනගන්නට ලැබී තිබේ.

අලී නමින් හඳුන්වන මේ පාකිස්තානු ජාතික තරුණයා මේ සෙල්ෆි රුව දැකීමෙන් අනතුරුව මහත් තැතිගැන්මට පත්ව සිටි බවත්, පසුව ඔහු සමග කතා බස් කිරීමෙන් අනතුරුව අදාල ස්ථානයට ගොස් ඒ අවට වැසියන්ගෙන් තොරතුරු විමසූබවත් ශ්‍රී ලාංකික මෙන්ඩිස් මහතා “ලංකාසිටිසන්” සමග පැවැසීය. අලී සේවය කරනුයේ ඩුබායි හි ඉන්ටර්නැෂනල් සිටි හි, ක්‍රිස්පි චිකන් නම් ෆාස්ට් ෆුඩ් ඩිලිවරි ආයතනයේ ය.

මෙම සේයාරුව ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී එහි වේලාවෙන් මැදියම් රැය පසුවී විනාඩියක් පමණ ගතවෙද්දීය.

මෙහි නිල්පාටට ඇති අඩකවය තුල කාරයට ඉහළින් දිස්වන්නේ ඒ කාන්තාවගේ ඡායාවයි.

 

Post Comment