ආකල්ප

මොරගහකන්ද සහ රට : ඇත්ත කෙටියෙන්

1960 ගණන්වල සිට සැලසුම් කර තිබූ මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2007 වසරේ දී ආරම්භ කරන ලදුව 2014 වන විට ව්‍යාපෘථියෙන් සියයට 75ක් පමණ අවසන් වී තිබුණි. එය අවසන් වීමට නියමිත වූයේ 2016 වසරේ දී ය. කෙසේ වෙතත්, හවුල් ආණ්ඩුවට පින්සිදු වන්නට අනෙත් සංවර්ධන කටයුතුවලට සේම මොරගහකන්දට ද කණකොකා හැඬුවේ ය. එහෙත් සියළු මුදල් සොයා ගිවිසුම් අත්සන් කර තිබූ බැවින් ප්‍රමා ද වී හෝ ව්‍යාපෘතිය දැන් රටට ලැබී ඇත.

බොහෝ අය මහින්දට නගන චෝදනාවක් නම්, මහින්ද ණය ගත්තා යන්න ය. මහින්ද ණය ගත්තේ ය. එය සත්‍යකි. ඔහු ණය ගත්තේ මෙවැනි රටට අවශ්‍ය ව්‍යාපෘථිවලට ය. කෙසේ වෙතත්, මහින්ද විසින් ඉතා දුෂ්කර තත්වන් යටතේ විදෙස් රටවලින් ණය ගෙන ක්‍රියාවට නැංවූ ව්‍යාපෘතිවල ප්‍රතිඵලය දැන් රටට ලැබෙන විට එහි දීප්තිය තමා වෙත ගෙන ණය පමණක් මහින්දගේ සාක්කුවට දමා ගැනීම තරම් කුහකකමක් අප දැක නැත. මහින්දට ණය චෝදනාව එල්ල වන්නේ ඔහු රටේ ණයබර 2006 දී සියයට 92 සිට 2014 වන විට සියයට 70ට අඩු කිරීමට ද කටයුතු කළ පසුබිමක වීම ද විශේෂ ය.

මහින්ද ක්‍රියාත්මක කළ ව්‍යාපෘථි බොහොමයක් රටේ නිදහස ලැබූ සමයේ හෝ ඊට ආසන්න අවදිවල ම සැලසුම් කළ ඒවා ය. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් කිසිදු නායකයෙකුට තිබුණේ නැත. ඊට ප්‍රධාන හේතුව වූයේ අල්ලස හා දූෂණයයි. මීට කදිම නිදසුන නම් වත්මන් ජනපති සිරිසේන මහතා විසින් ලෝක බැංකු ආධාර යටතේ වාරි ව්‍යාපෘථියක් පටන් ගැනීමට යාමේ දී ඕස්ට්‍රේලියානු සමාගමකින් විශාල අල්ලස් මුදලක් ඉල්ලා සිට බව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම පුවත්පත හා සෙසු මාධ්‍යවලින් විස්වසනීය චෝදනා එල්ල වීම ය.. දැන් මේ වන විට එරට මේ ගැන පරීක්‍ෂණයක් පැවැත්වෙන බව වාර්තා වේ. මෙවැනි හේතු නිසා, මහින් රාජපක්‍ෂ අත ගහසන තුරුම ලංකාවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබිය යුතු වූ ව්‍යාපෘථි රැසක් තිබුනේ හමස් පෙට්ටියේ ය. රනිල්ගේ 2002 අවදියේ හා චන්ද්‍රිකාගේ අවදියේ කටුනායක අධිවේගය නිමවීමට ජපානයෙන් හා කොරියාවෙන් ණය මුදලක් ගෙන තිබිය දීත් එම මුදල කාබාසිනියා වී ව්‍යාපෘථිය ක්‍රියාත්මක නොවූයේ මේ නිසා ය

– මහින්ද පතිරණ

මොරගහකන්ද හා රටේ ඇත්ත කතාව==========================1960 ගණන්වල සිට සැලසුම් කර තිබූ මොරගහකන්ද ව්‍යාපෘථිය මහින්ද රාජපක…

Posted by Mahinda Pathirana on Sunday, January 7, 2018

 

Post Comment