විනෝදාස්වාද

විවෘත කර සුලු වේලාවකින් රාජගිරිය ගුවන් පාලම කඩින් කඩ වසා දැමූ බව…

ජනවාරි මස අට වන දින කල් වේලා ඇතිව වඩ නිම කරවා මහජන අයිතියට පවරන ලද බවට පාරම් බෑ රාජගිරිය ගුවන් පාලම යළි වසා දමා ගමනානමන කටයුතුවලින් ඈත් කොට තබා ඇතැයි වාර්තාවෙයි.

මේ ගුවන් පාලම වෙනුවෙන් මල්‍ය ප්‍රතිපාදන වෙන්කරනු ලැබුවේ 2015 ට පෙර තිබූ රජයෙන් බවත් එහි කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2016 වසරේ ප්‍රමාද වී බවත් මීට පෙර වාර්තා කිහිපයකම දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 වන දින සිදු කළා යැයි පැවැසෙන දේශපාලන විපර්යාසයක් සිහිගන්වනුවස් සංකේතාත්මකව මේ ගුවන්පාලම විවෘත කිරීම හැර මෙහි වැඩ කටයුතු නිසි ලෙස අවසන් කර නොතිබුණි.

ඒ අනුව අද (2018 ජනවාරි 08) පෙරවරු 9 ට පමණ විවෘත කැරුණු ගුවන් පාලම සවස 2 වන විට යළි වසා දැමීමට සිදුවීම විහිළුවක් බව අප සමග අදහස් දැක්ව ප්‍රෙද්ශවාසියෙක් පැවැසීය.

කෙසේ හෝ අඩුපාඩු සකසමින් ගුවන් පාලම විවෘතව තබන ලෙස බලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇතැයි ද දැන ගන්නට තිබේ. ඒ අනුව වැඩ අවස් නොකළද ගුවන්පාලම විවෘතව තබා ගනිමින් ඉදිරි අඩුපාඩු ඉතා අසීරුවෙන් සිදුකිරීමට කොන්තරාත් සමාගමට සිදුවනු ඇතිබවද දැනගන්නට ඇත.

මොරගහකන්ද ජලාශය ද චීන සංවර්ධන බැංකු නියෝජිතවරියගේද සහභාගීත්වයෙන් අද මංගල දියවර නිකුත් කළ බව සංකේතාත්මකවීය.

Post Comment