දේශීය

දොස්තර රංජිත් අතපත්තු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වීය

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 84 වන වියේ පසු වූ ඔහු 77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකු වී ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින්.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරනු ලැබීය.

Post Comment