ආකල්ප

මරණ තර්ජන වලට බියේ සැඟව සිටි බදුල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිනිය කට අරියි

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් නිලධාරියා කළ අතවරය

“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“
මරණ තර්ජන වලට බියේ සැඟව සිටි බදුල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිනිය කට අරියි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක විසින් තර්ජනය කොට බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මීට සුළු වේලාවකට පෙර පාපෝච්චාණයක් කළාය.

තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කොට, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියාගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසිනි. ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය අප සමඟ පැවසුවාය.

මේ සිදුවීම කැෆේ සංවිධානය විසින් මාධ්‍ය ඔස්සේ හෙළිකිරීමත් සමඟ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න ටත් හොරුන් සහ ව්‍යාපාරිකයින් ලෙස අවලාද නැගීය.
මෙම සිදුවීමට මුහුණ දුන් විදුහල්පතිනිය කළ සම්පූර්ණ ප්‍රකාශය තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.

හඩපටය මෙතැනින් අහන්න

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් නිලධාරියා කළ අතවරය “ මට ත…

Posted by Rajith Keerthi Tennakoon on Friday, January 19, 2018

* https://www.youtube.com/watch?time_continue=39&v=N8Pm-L0ldBQ