ආකල්ප

විදුහල්පතිනියෝ දණගස්සා වොයිස්කට් ගන්න දියව් : පිංගුත්තර මහ ඇමතිගේ මාධ්‍ය ඒකකය හෙට බදුල්ලේ උද්ඝෝෂණයක

පාඨකභවතුන් සියල්ලන්ගේ දැනගැනීම පිණිසයි.

ඌවේ විදුහල්පතිනිය දණ ගැස්සවූ මහ ඇමති ගේ මාධ්‍ය ඒකකයේ පාලිත ආරියවංශ, පද්මසිරි, අමිල රාජපක්ෂ විසින් හෙට බදුල්ලේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

මාධ්‍යවේදීන් කෙසේ වෙතත් හෙට මහ ඇමති සංවිධානය කරන ජනපති මෛත්‍රීපාල සහභාගි වන රැළියට පැමිණෙන පිරිසෙන් කොටසක් මෙතැන කෑ ගසනු ඇත. මේ වල් ඌරන් සේ කෑ ගසන්නේ මොනවා දැයි අසන්නට දැන ගන්නට අපට දැන් සිටම ඉස්පාසුවක් ද නැත. මෙහි ප්‍ර‍චාරක කටයුතු සිදු කරන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය යැයි බදුල්ලේ මාධ්‍යවේදීන්ට පවසා ඇත.

නියමයි!

විදුහල්පතිතුමිය දණ ගැස්සවීම පිළිබඳ පැමිණිල්ල පළමුව ඉදිරිපත් කළේ කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ය. ඔහු එය ඉදිරියට ගෙන නොගියේ නම් එය සාරි පොට මෙන් තවත් එක් සිද්ධියක් පමණක්ම වනු ඇත. සත්‍යවශයෙන් මහ ඇමැතිගේ රෙද්දත්, නිලධාරීන්ගේ රෙද්දත් ගැලවූයේ ඔහු ය. සමහර විට එය/ඔහු ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීගේ රෙද්දත් ගලවනු ඇත. මේ සිද්ධියට සම්බන්ධ ඌව පළාත් සභාවෙන් පඩි ගන්නා අපූරු නිදහස් මාධ්‍යවේදීන් තිදෙනා හෙළි කළේ ද කිර්ති ය.

පාලිත ආරියවංශ ගිය ඉරිදා ලංකාදීපයට ලියු ලිපිය කියවූ අය සමහරවිට සිතනුයේ විදුහල්පතිනිය දණ ගැසුවේ සමන්ත විද්‍යාරත්න කියා ය. දණ ගැසූ ගුරුවරියට හිරු, දෙරණ මයික් අල්ලා පලාත් සභා කැමරාවෙන් විඩියෝගත කළේ පළාත් සභාවෙන් වැටුප් ගන්නා පත්මසිරි හා අමිල ය. පසුගිය දා ඔවුන්ගෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පැය 10 ක් තිස්සේ සාක්ෂි සටහන් කර ගත්තේය.

දැන් උද්ඝෝෂණය සංවිධානය කරන්නේ ගුරුවරිය දණ ගැස්සවු පසුව ”මහ ඇමති මම දණගැස්සුවේ නෑ. ඒක පලාත් සභා මන්ත්‍රී (සමන්ත විද්‍යාරත්න) ගේ බොරුවක්” යැයි කියන්නට කියා එය විඩියෝ කළ තුන් දෙනා ය.

රජයේ මාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රවෘත්ති ‍දෙපාර්තමේන්තුව මේ මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් නිකුත් තර ඇත. අප ඒ පිළිබඳව අදාල බලධාරියාවන නීතීඥ සුදර්ශන ගුණවර්ධන දැනුම්වත් කර තිබේ. දැන් යමෙක් දණ ගස්සවා එවන වොයිස් කට් දාන්නටත්, මහ ඇමති බේරා එය එළි කළ පුද්ගලයාට මඩ ගහන විඩියෝ විකාශය කරන්නටත් නාලිකා තිබේ. අඩුවට ඇත්තේ උද්ඝෝෂණයක් පමණී. දැන් එයත් හරි ය.

මහ ඇමතිගෙන් වැටුප් රැගෙන ලියන හා වාර්තා පම්පාදනය කරන උන්ට උද්ඝෝෂණය කරන්නට නිදහස උදාවී ඇති සැටියකි. එය ට යහපාලන යැයි කියනු ලැබේ. ඒ තත්ත්වය උදාකර  දුන් යහපාලනය ගේන්නට “සාධාරණ සමාජය” හදන්නට අත්තිවාරම් කැපූ කීර්ති තෙන්නකෝන්ටත්, ඒවාට මුල් ගල් තැබූ මටත් මඩුවලිගයකින් තලාගත්තත් මදි යැයි දැන් සිතේ. කඩුව නම් අපට අදාළම නැත.

මෙයට,

ලංකාසිටිසන් ප්‍රධාන සංස්කාරක

ජනිත් විපුලගුණ