විදෙස්

බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් 5 ක් මරුට

කොළොම්බියාවේ පොලිස් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදි තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිස් ස්ථානයේ නිලධාරීන් උදෑසන ක්‍රියාකාරකම්හි නිරතව සිටියදී බෝම්බය පුපුරාගොස් තිබේ.

අදාළ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පල කරයි.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන්නෙකු හට පවුම් 12,700ක මුදලක් ලබා දීමට ද එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

තවත් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලබා තිබේ.