ප්‍රධාන සංස්කෘති

ධර්මසේන පතිරාජයන් විශ්වඉම තරණය කරයි

ශ්‍රී ලංකාවේ මෑතභාගයේ අද්වීතිය සිනමාකරුවෙක් වූ මෙන්ම සාහිතවේදියෙක් වූ ධර්මසේන පතිරාජයන් අභාවප්‍රාප්තවීය.ඔහු අචාර්යය පදවියෙන්ද පිදුම්ලැබූවෙකි.

ආචාර්ය ධර්මසේන පතිරාජ අභවප්‍රාප්තවනවිට 74 වැනි වියේ පසුවිය. දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයීමට පාත්‍ර වූ ආචාර්ය ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ සිනමාකරුවෙකි.

සිනමා අධ්‍යක්ෂකවරයකු, තිර රචකයකු ලෙස සිය අනන්‍යතාව සනිටුහන් කිරීමට ඔහුට හැකි විය. “අහස්ගව්ව”, “බඹරු ඇවිත්”,  “එයා දැන් ලොකු ළමයෙක්” ”පොන්මනී” ඇතුළු සිනමා නිර්මාණ රැසක් දායාද කළ අග්‍රගන්‍ය සිනමාකරුවෙකු ලෙස ධර්මසේන පතිරාජයන් ගෞරවයට පාත්‍ර වූ අතර, එයා ”දැන් ලොකු  ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු  උන්නැහේ (1981) , මතුයම් දවස (2001) සක්කාරං (2016) ආදී  විශිෂ්ට කෘති හරහා දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික කියවීමක් සමාජ ගතකිරීමට ආචාර්ය ධර්මසේන පතිරාජ සමත්විය.

ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිනමාව පිළිබඳව තමන් උගත්  දැනුම තරුණ විද්‍යාර්ථයින්ට ලබාදීමට ද ආචර්ය ධර්මසේන පතිරාජයන් කටයුතු කළ අතර ඒ මහතාගේ පරිශීලනයන් විද්‍යාර්ථයන්ගේ පර්යේෂණ සඳහා මහගු උපකාරයක් විය.

ආචාර්ය ධර්මසේන පතිරාජ කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ චිත්‍රපට අංශයේ උපදෙශක අධ්‍යක්ෂවරයා ලෙස සිය සේවය ලබාදුන් අතර, එ් කාලයේ දී සුවිශේෂී වාර්තා චිත්‍රපට රැසක් සමාජගත කිරීමට දායක විය.

මහනුරව පිහිටි පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 74 වන වියේ පසුවිය.

අවසන් කටයුතු මහනුවරල මහයියාව පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

“තමා භෞතිකවාදියෙක් නිසා කිසිදු ආගමික වතාවතකින් තොරව, පැය 24ක් ඇතුලත අවසන් කටයුතු කරන ලෙස ධර්මසේන පතිරාජ සහෘදයා ඉල්ලීමක් කර ඇති බැවින් අද සවස 6.30ට මහනුවර මහයියාව සුසාන භූමියේදී කිසිදු චාරිත්‍රයකින් හෝ උත්සවයකින් තොරව අවසන් කටයුතු සිදු කෙරේ.”