දේශපාලන

රාජිත ඇමතිගේ බිරියටත් ඇමති ආරක්ෂාව හා වරප්‍රසාද ඇති බවට මාධ්‍ය වාර්තා කරයි

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදට පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ ආරක්‍ෂාව යොදා ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

ඇයට සමීප දිස්ත‍්‍රික් මූලස්ථාන පොලිසියෙන් පොලිස් භටයන් සිවු දෙනෙකු සමීපතම පොලීසියෙන් දෙදෙනෙකු හා සැමියා වෙනුවෙන් යොදා ඇති පොලිස් ප‍්‍රභූ ආරක්‍ෂකයන් දෙදෙනෙකු ලෙස මෙම ආරෂාව යොදවා ඇති බවද පැවසෙයි.

එමෙන්ම ඇය ගමන් බිමන් යනවිටදී පොලිස් යතුරු පැදියක් හෝ දෙකක් ආරක්‍ෂාව සලසන අතර ආරක්‍ෂක පරිවාර රථ කිහිපයක්ද යොදා ගනී. මෙම ඇමති බිරිද ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේදී තනතුරක් දැන අතර ඇය සදහන් කරන්නේ තමනට විශාල වශයෙන් ජීවිත තර්ජන ඇති බවයි.

මේ ඇමති බිරිය වන්නේ රාජිත සේනාරත්නගේ බිරිය බවට අන්තර්ජාල මාධ්‍ය හා සමාජජාලා ඔස්සේ අදහස් හා සටහන් පලවෙමින් තිබේ.

* උපුටනය –

රාජිතගේ බිරියටත් ඇමති ආරක්ෂාව සහ වරදාන