ආකල්ප

UNP සහ ජනපති අතර මේ විරසකය පෙබරවාරි 10 වෙනතුරුය : කිරිඇල්ල කියයි

පෙබරවාරි 10 වෙනිදායින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ සුපුරුදු ආදරවන්තයින් ලෙස සිටින බව උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතවාදී ගැටුම් පවතින්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තෙක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මැතිවරණ කාලයේදී මෙවැනි දෑ බලාපොරොත්තු විය යුතු බවත්, එකිනෙකාට බැන ගැනීම මැතිවරණ කාලයේ සාමාන්‍ය දේවල් බවත්, කියා සිටි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ ආණ්ඩුව 2020 තෙක් පවතින බවයි.