විශේෂාංග

“අඩෝ පතිරාජ… උඹ ඉවරයි…”

ඉහත ප්‍රකාශය මාගේ නොව, මීට වසර 44කට ඒනම් 1974 දී තිරගත වූ අාචාර්යය ධර්මසේන පතිරාජයන්ගේ “අහස්ගව්ව” චිත්‍රපටය නැරඹිමට පැමිණි ඒක් ප්‍රෙක්ෂකයකු සිනමා ශාලාව තුළ චිත්‍රපටය අවසානයේදී කළ ඒක් තීරණාත්මක ප්‍රකාශයකි.

අද දින සැදෑවේ පතිරාජයන්ගේ සිරුර අළු බවට පත් වන මෙහොතේ එදා ඒ ප්‍රකාශය කළ තැනැත්තා අද ජීවතුන් අතර සිටීද නැද්ද යන වගනම් මම නොදනිමි.

එහෙත් ඉවර වූයේ පතිරාජයන් නොව, තව නොබෝ දිනකින් 70 වන නිදහස් දිනය සමරන්නට බලා සිටින, එනමුත් චින්තනයෙන් සහ මනසින් තවමත් වහල්වී, කුඩා දූපතක සිරවී, තාමත් එකතැනම දුවන මේ අපම නො වේද?

ඒ් වහල් බව නැති වී යන යම් දිනක අපට පතිගේ සිනමාවද තේරුම්ගත හැකිවනු අැතැයි මට සිතුනේ.. අද දින නුවර මල්ශාලාවේ තැන්පත් කර තිබූ ඒතුමාගේ නිසල සිරුර අවසන් වතාවට දැකගත් මොහොතේදී ය.

පතිරාජ ගුරුතුමණි..: ඔබේ සිනමාව තුළින් ලාංකිකයා කූද්දන්නට ගත් ඒ් අවංක උත්සාහයට බොහෝ පිං!

  • මාලින්ද ලංකාපුත්‍ර

  • මේ සටහන උපුටාගත්තේ මුහුණු පොතෙන් බව කරුණාවෙන් සලකන්න

"අඩෝ පතිරාජ… උඹ ඉවරයි…"ඉහත ප්‍රකාශය මාගේ නොව, මීට වසර 44කට ඒනම් 1974 දී තිරගත වූ අාචාර්යය ධර්මසේන පතිරාජයන්ගෙ…

Posted by Marlinda Lankaputhra on Sunday, January 28, 2018