විදෙස්

ආරක්ෂක ඇකඩමියට ත්‍රස්ත ප්‍රහාරයක් : කාබුල් නුවර යළි නොසන්සුන්

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි පිහිටි ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයකට මීට ටික වේලාවකට පෙර දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයත් සමග පිපිරුම් හඩක් ඇසුණු බව මාධ්‍ය වාර්තා කරයි.

මේ ප්‍රහාරය ප්‍රබල බර අවි ප්‍රහාරයක් විය හැකි බව වාර්තාවෙයි. මාර්ෂල් ෆාහිම් ආරක්ෂක ඇකඩමිය මෙසේ අද අලුයම් කාලයේ ප්‍රහාරයට ලක් වීතිබේ.

මීට පෙර අවස්ථාවේ සෙනසුරාදා කාබුල් අගනුවරට එල්ල වූ ගිලන්රථ බෝම්බ ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරණයට පත්වීය.

ඊට පසුව කාබුල්හි හෝටලයකට එල්ල කළ ප්‍රහාරයකින් තවත් 22ක් මරණයට පත්වීය. ඒ අතර විදෙස් ජාතිකයන් ද බහුල වූ බවත් වාර්තා වීය.

ගියවසරේ ඔක්තෝබරයේ ද ආරක්ෂක පුහුණු භටයින් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් 15 දෙනෙක් මරණයට පත්වීය.

මේ ඝාතන තලේබාන් කණ්ඩායමේ බව විශ්වාසයයි.

 

 

 

Post Comment