ආකර්ශණීය

පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමය කඩාකප්පල් කළ බැඳුම්කර සම්මන්ත්‍රණය

අප විසින් සංවිධානය කරන්නට යෙදුනු “බැඳුම්කර මංකොල්ලය එහි ආර්ථික ආදීනව සහ වග උත්තරකරුවෝ” යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් කඩා කප්පල් කරන ලදී. ඔවුන් විසින් උපකුලපතිවරයාට කරන ලිඛිත කරුණු දැක්වීමක් අනුව අද දින පෙරවරු 9.00 ට උපකුලපති තුමා විසින් මා, භූගෝල විද්‍යා අංශාධිපති තුමා සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරී වරයා කැඳවන ලදී.

එහිදී මහා ශිෂ්‍ය සංගමය මෙම සම්මන්ත්‍රණයට විරෝධය දක්වන බැවින් මෙහි සියලු වගකීම් මටත් භූගෝල විද්‍යා අංශාධිපතිවරයාත් ගත යුතු බවද උපකුලපති තුමා අප වෙත දන්වා සිටින ලදී. එහිදී ප්‍රධාන ආරක්ෂක නිලධාරී වරයා පැවසුවේ කිසියම් සිද්ධියක් වුවහොත් අවශ්‍ය ආරක්ෂාව සැපයීමට තමන්ට අසීරු බවයි.මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් සමග කරනු ලබන සාකච්චාවකින් පසු මේ පිළිබඳව මාගේ තීරණය දැනුම් දෙන බව මා විසින් උපකුලපති තුමාට දැනුම් දෙන ලදී.

මම මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සමග දුරකතනයෙන් සහ සම්මුඛව සාකච්චා කළෙමි. ඔහු සහ තවත් අයගේ නිගමනය වූයේ මෙය කිරීමට ඉඩ නොදෙන බවත්, හැකිනම් කර පෙන්වන ලෙසත් ය. මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවත් කබරාල් මහතා හොරෙකු බවත් ඔවුහු පැවසූහ. ඔහු හොරෙක් නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට අවශ්‍ය කාලයක් ලබාදිය හැකි බව මම පැවසුවෙමි. ඔවුන් සෑහීමකට පත් නොවීය. එය පැවැත්වුවහොත් අඩපන කිරීමට කටයුතු කරණ බව ද මට ලිඛිතව දැන්වී ය (ඔවුන්ගේ ලිපිය සහ උපකුලපති තුමාගේ අවසරය මෙහි පහතින් දක්වා ඇත).

මම මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා කටයුතු කරන අයෙක් වෙමි. මම මාගේ රට ජාතිය ආගමේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අයෙක් වෙමි. මගේ දේශපාලන ව්‍යාපෘතිය එයයි. සාපෙස්ක්ෂක වශයෙන් ඒ සඳහා දැනට සිටින සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා යැයි මම විශ්වාස කරමි. මේ සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ ද මහින්ද රාජපක්ෂ බලවේගය නැවත දිනවා මගේ රට ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. එහි සැඟවීමට දෙයක් මට නැත. මම කිසිදිනෙක පොදු ශිෂ්‍ය ලේබලය යටතේ වක්‍රව ජෙප්පන්ට, කුරුට්ටන්ට කඩේ යන්නෙක් නොවූයෙමි, නොවන්නෙමි.

මෙය කඩාකප්පල් කිරීමට අවශ්‍ය වූයේ මහා ශිෂ්‍ය සංගමයට පමණක් යැයි මම නොසිතමි. මෙයට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමද උපරිම වශයෙන් ප්‍රමාද කෙරිණි. බාහිර පුද්ගලයන් සහභාගී වන්නේ නම් උපකුලපති වරයාගේ අනුමැතිය අත්‍යාවශ්‍ය යැයි කියනු ලැබේ. එවැනි රීතියක් ගැන මා දැනුවත් නැත. මා මීට පෙරද විජේ ඩයස්, පුබුදු ජයගොඩ, ගෙවිඳු කුමාරතුංග සහ තවත් දේශකයන් ගෙන්වා ඇතත් එහිදී එවැනි අවශ්‍යතාවක් ගැන නොපැවසුනි. කෙසේ හෝ මට උපකුලපතිවරයාගේ අනුමැතිය ලබාගත හැකි වූයේ 2018. 01. 29 වන සඳුදා ය. එහෙත් 2018 . 01.30 උදේ එනම් සම්මන්ත්‍රණය පැවැත්වෙන දින උදේ ශිෂ්‍ය සංගමයේ විරෝධය දක්වන ලදී.

කෙසේ හෝ බැඳුම්කර මංකොල්ලය සහ එහි ආර්ථික ආදීනව සහ වග උත්තරකරුවන් ගැන දැනුවත් වීමට සහ අවශ්‍ය නම් දේශකයින්ව ප්‍රශ්න කිරීමට තිබුණු අවස්තාව විශ්ව විද්‍යාල ප්‍රජාවට අහිමි කරණ ලදී. එසේ කරන ලද්දේ මහා ශිෂ්‍ය සංගමයයි. බැඳුම්කර මන්කොල්ලකරුවෝ රැකගැනීමට පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගමය කටයුතු කිරීම පිලිකුල්කටයුතු ය. එහෙත් අප එම සම්මන්ත්‍රණය සාර්ථකව මහනුවර නගරයේ දී පවත්වන ලදී.

  • සුමේධ වීරවර්ධන

  • මේ ලිපිය මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී…

අප විසින් සංවිධානය කරන්නට යෙදුනු "බැඳුම්කර මංකොල්ලය එහි ආර්ථික ආදීනව සහ වග උත්තරකරුවෝ" යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්…

Posted by Sumedha Weerawardhana on Tuesday, January 30, 2018

Post Comment