ආකර්ශණීය

රනිල් කැමැත්තෙන් අස් නොවී සිරිසේනට අලුත් අගමැතිවරයෙක් පත් කරන්න බෑ…

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් 96 දෙනාම තමන් සමග එක් වුවහොත් නව රජයක් පිහිටුවන් බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ඊයේ පිළිතුරක් ලබා දුන්නේ නීතීඥ සාගර කාරියවම් ය. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ නෙලුම් මාවත සිය පක්ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේ ය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව අගමැතිවරයෙක් පත්කළ යුත්තේ වර්තමාන  අගමැතිවරයා ස්වකැමැත්තෙන් ඉල්ලා  අස්වීමෙන් පමණක් බවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර පැවැති ව්‍යවස්ථාවේ 47 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැතිවරයා පත් කළහැකි වුව ද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46(2) ව්‍යවස්ථාව අනුව නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා වර්තමාන අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවද සාගර කාරියවසම් මහතා  ප්‍රකාශ  කළේය.

මේ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියවක් නැති බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයකින් තොරව අදහස් පළ කරන බවත්ය.

Post Comment