දේශපාලන

LTTE තහනම් කළා කියල වැඩක් තියේ ද ? – උතුරු පළාත් සභාවේ සභාපති

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක්‌ යෑයි උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. ශිවඥණම් යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කොට තිබේ.

යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක්‌ ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිදු වැදගැම්මක්‌ නැති ක්‍රියාවක්‌ බව පවසන සභාපතිවරයා ඔවුන්ගේ සාමාජිකයන් ද අවි අතහැර දේශපාලනයට පවා පිවිසී සිටීම නිසා එලA. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම තේරුමක්‌ නොමැති බව ද කියා සිටී.

එල්. ටී. ටී. ඊ. සංවිධානය අවි ආයුධ අතට ගෙන වුවත් අපේක්‌ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කිරීම බව පෙන්වා දී ඇති උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරේ දෙමළ දේශපාලනඥයින් උත්සාහ කරන්නේ ද එම අයිතිවාසිකම් දිනා ගැනීමට බව පවසා සිටියි.

අත්අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක්‌ ගෙන ඔවුන් ද සමාජගත කොට තහනම් කොට ඇති එල්. ටී. ටී. ඊ. තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොඳම කාලය දැන්a එළඹ ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

Post Comment