ප්‍රධාන

මාරපන වාර්තාවෙන් පසුව එජාප මාධ්‍ය ඒකක නන් දොඩවන අතර කබීර්ගෙන් නිල නිවේදනයක්

බැඳුම්කර වංචාවට අදාලව පත්කරන ලද තිලක් මාරපන කමිටු වාර්තාවේ අඩංගු කරුණු යැයි සඳහන් කරමින් යම් නිර්දේශයන් මේ වනවිට සමාජගතවෙමින් පැවැතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකක අන්දුන්කුන්දුන් වී ඇති බවක් ද වාර්තාවෙයි.

අප වෙබ් අඩවිය ඊයේ පළ කළ පුවතකට අදාල වූයේ ද “

එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න – මාරපන කමිටුව නිර්දේශ කරයි

යන ශීර්ෂයයි.

මේ පුවත් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිතවීමත් සමගම එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ යට ගොස් ඇති සීතල යුද්ධයේ පාර්ශවකරුවෝ විවිධ මත ප්‍රකාශකරමින් ද සිටිති. ඒ අනුව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ පුවත් පිළිබඳව දැන් පවසන්නේ වෙනස්ම කතාවක් බවත් දැනගන්නට ලැබෙයි.

මෙයට අදාළව එක් අන්තර්ජාල මාධ්‍යයක් වාර්තා කරන්නේ “මාරපන වාර්තාවේ රවීගේ නම නෑ – අග්‍රාමාත්‍ය කාර්‍යාලය” යන ශීර්ෂය යටතේ ය. එහි වැඩිදුරටත් සදහන් වන්නේ,….රවී කරුණානායක මහතාව පක්ෂයේ උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් පිළිකුලෙන් යුතුව බැහැර කරන බවද අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සදහන් කලේය…. යනුවෙනි.

කෙසේ වෙතත් මේ බොහෝ මාධ්‍ය වාර්තා සහ මේ ක්‍රියාදාමයේ යටි අරමුණු පිළිබදව අපගේ විශේෂ ලියුම්කරුවෙක් පැවැසූ පරිදි පුරවැසි මාධ්‍ය භාවිතයක නියැලෙන අප අදහස් කරන්නේ මේ සියල්ල ඇස්බැන්දුම් බවය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින බල අරගලය හමුවේ රවී කරුණානායක බිල්ලට දී සැබෑ වංචනිකයින් සහ පල් හොරු කණ්ඩායම අක් සෝදා ගැනීම වෙනුවෙන් මේ සියල්ල ව්‍යාකූල කරන බවයි. ඒ අනුව මේ පුවත් පැලකිරීම හෝ නොකිරීමද මේ වනවිට චූදිතයන් බවට පත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුට සමීපතම කණ්ඩායමේ උපක්‍රම බව අපි පැහැදිපිව සදහන් කරමු.

විශේෂයෙන්ම රවී කරුණානායක මහතාට එරෙහිව මේ පුවත දක්වා බොහෝ පුවත් ඉහළින්ම පලකරමින් සිටින්නේද රනිල් වික්‍රමසිංහගේ පවුලේ ම මාධ්‍ය ජාලය විසින් වීම මෙහිදී සැලකිල්ලට ගත යුතු ය.

රවී කරුණානායක මහතා නිවැරදි කරමින් හෝ ඔහුට සහාය දක්වමින් හෝ ඔහු පිළිබදව වැඩි වශයෙන් හෝ අපගේ මාධ්‍යෙය් යම් ඉඩක් වෙන් වන්නේ මෙහි සැබෑ තත්ත්තවය හෙළිකරගැනීමට බව අපි අපගේ පාඨකයන්ට දන්වා සිටිමු. අපි යළි යළිත් පැහැදිලිව පවසනුයේ, රවී කරුණානායක මහතා බිල්ලට දී එක්සත් ජාතික පක්ෂයේ පල් හොරු කණ්ඩායමක් ලිස්සා යෑමට එරෙහිව අපි අවසානය දක්වා ඔබව දැනුම්වත් කරන බවයි. ඌවේ චාමර දසනායක මහඇමතියා මානවහිමිකම් කොමාසම දක්වා දක්කාගෙන ඒම වෙනුවෙන් කීර්ති තෙන්නකෝන් ඇරඹූ සටනට අපි පුරවැසි මාධ්‍යයක් ලෙස උරදුන්නා සේම මෙහිදීද අපි රටේ යහපත වෙනුවෙන් කටයුතු කරමු.

ලංකාදීප වෙබ් අඩවිය ඊයේ සවස්යාමයේ රවී කරුණානායක සම්බන්ධ පුවත පලකර තිබුණේ මෙසේ ය.

කෙසේ වෙතත්, ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ අස්සනින් යුතුව නිල නිවේදනයක් ද නිකුත් කර තිබේ.

 

Post Comment