ප්‍රධාන

රවී අත්අඩංගුවට ගත්තොත් කරනදේ රවී හෙලි කරලා…

යම් ලෙසකින් තමන් අත්අඩංගුවට ගතහොත් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තමන් දන්නා සියලු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවි කරුණානායක තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බවද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයතු කළද කිසි දිනෙක මහ බැංකුව තමන් යටතේ නොතිබූ බව කරුනානායක මහතා මින් පෙර අවස්ථා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත.

රවී කරුණානායක මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍යයට අදහස් පලකරමින්….

Post Comment