විදෙස්

චීනය ශ්‍රී ලංකාවේ සිදුකරන සැලසුම් ඉන්දියාවේ කනගාටුවට හේතුවක් : ඉන්දීය ආරක්ෂක ඇමතිනී

චීනයට වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු දීම නිසා තම රටේ ආරක්‍ෂාව ගැන විශාල සැකයක් ඇතිව තිබෙන්නේ යයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සදහන් කරයි.

ඇය මෙසේ සදහන් කර ඇත්තේ රාමනාපුරමුහිදී පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

හම්බන්තොට වරාය වාණිජ කටයුතු සදහා පමණක් යොදා ගන්නේ යයි චීනය කියා සිටියද ඒ ගැන විශාල සැකයක් ඇතැයිද ඇය පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවන ඕනෑම තත්වයකට මුහුණු දීමට සූදානම් විය යුතු යයිද මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුර අදහස් පල කිරීම තමන් ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඇය කියා තිබේ.

* Nirmala wary of China’s Sri Lanka plans

 

Post Comment