මැද පෙරදිග හා මධ්‍යම අප‍්‍රිකානු රටවල ඇතිකරන ලද ‘‘රෝස වසන්තය ’’ මෙහෙයුම ශ‍්‍රී ලංකාවේ ඇතිකිරීමට ඇමරිකාව ඇතුඵ බටහිර රටවල් කිහිපයක් දැඩි උත්සාහයක නිරතවන බවත්, කෙතරම් අභියෝග පැමිණියදත් මෙම මෙහෙයුම පරාජය කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි බවත්, ඒ සදහා සියලූම ශ‍්‍රී ලංකිකයින් එකාවන්ව පෙළගැසීමේ කාලය එළඹ ඇති බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි. මෙම මෙහෙයුම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමේ මූලික සැලැස්ම වන විරෝධතා ව්‍යාපාර දියත්කර තිබෙන බවත් ‘‘විරෝධතා ප්ලස් (+) ගල්’’ වශයෙන් එම මූලික සැලැස්ම හැදින්විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

‘‘රෝස වසන්තය’’ වැනි මෙහෙයුම්වලින් ලෝකයේ කුමන රටක් අරාජිකත්වයට පත් කිරීමට පියවර ගත්ත ද අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණකරුවන් මෙ වර අපූරු පාඩම ඉගෙනගන්නේ ශ‍්‍රී ලංකාවෙන් බව ද අමාත්‍යවරයා වැඩිමනත් ප්‍රකාශ කර ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ රුපියල් ලක්ෂ 1600 කට අධික වටිනාකමකින් යුත් නිවාස මූල්‍යාධාර කොළඹ දිස්ත‍්‍රික්කයේ පවුල් 800 ක් වෙත ප‍්‍රදානය කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

‘‘2004 වසරේදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පරාජය නො කළා නම් අද තත්ත්වය බොහෝම වෙනස්. එහෙනම් මේවෙනකොටත් රට දෙකඩ වෙලා ඉවරයි. ඒ කාලේ නො නිල වශයෙන් රට දෙකඩ වෙලයි තිබුණේ. පොලිසි 2 ක් රට තුළ ක‍්‍රියාත්මක වුණා. අධිකරණ 2 යි. මුදල් වර්ග 2 යි. මේ තත්ත්වයේ තිබුණු රට නිදහස් කර දෙන්න කියලා මේ රටේ පොදු මහජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ කාලෙදී විදපු දුක තමුන්නාන්සේලාට තවම මතකයි. වසර 30 කට අධික කාලයක් පැවතුණු යුද්ධය හේතුවෙන් රට ආපස්සට ගිහිල්ලයි තිබුණේ. මෙහෙම තිබුණු රට බාරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලැබුණු ජනවරම අනුව ජනතාවට අවශ්‍ය දේ ලබාදුන්නා. ඒ අනුව ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළා. ත‍්‍රස්තවාදය පරාජය කරනවාට බටහිර රටවල් කැමති වුණේ නැහැ. විශේෂයෙන්ම ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් හිතුවේ අපි යුද්ධයෙන් ඇණ ගනීවි කියලා. බැරිවෙලාවත් අපි ත‍්‍රස්තවාදය මුඵමනින්ම පරාජය කරනවා කියලා ඔවුන් එදා හිතුවා නම් අනිවාර්යයෙන්ම ප‍්‍රභාකරන් කෙසේ හෝ බේරාගැනීම සදහා ඔවුන් දැඩි බලපෑමක් කරනවා. නමුත් ඔවුන් එදා නිහඩව නො සිට අවසානයේ ප‍්‍රභාකරන් බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම බලපෑමකට යටත් වුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන, රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් වගේ බටහිර ගැත්තෝ වෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේ නැහැ. ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නො වී කටයුතු කළ නිසා ඒ පළිය ජනාධිපතිතුමාගෙන් දැන් ගන්න හදනවා’’ යනුවෙන් ද අැමති විමල් ප‍්‍මෙහි දී ප්‍රරකාශ කළේ මහත් වූ උද්දාමයෙන් යුතුවය.

මැද පෙරදිග හා මධ්‍යම අප‍්‍රිකානු රටවල් අරාජික කිරීමට ‘‘රෝස වසන්තය’’ මෙහෙයුම මගින් ඇති කරන ලද ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් ශ‍්‍රී ලංකාවේ ඇතිකිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවත්, පසු ගිය දා හලාවත දී ඇති වූ සිද්ධියෙන් ඒ බව මනාව පැහැදිලි වන බවත් විමල් වීරවංශත්‍ ඇමතිවරයා පැහැදිලි කිරීමට වෙර දැරීය.

‘‘මැද පෙරදිග පන්නයේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීම සදහා හලාවත සිද්ධිය මූලික පියවරක් වශයෙන් යොදා ගැනීමට ඔවුන් කටයුතු කර ගෙන යනවා. ‘‘විරෝධතා ප්ලස් (+) ගල්’’ වශයෙන් මෙම විරෝධතා ව්‍යාපාර හදුන්වන්න පුඵවන්. අපිත් විරෝධතා කරපු අය. ඉදිරියටත් විරෝධතා දියත් කරනවා. නමුත් අප ප‍්‍රචණ්ඩකාරී වුණේ නැහැ. හලාවත සිද්ධිය පිටුපස එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක් (NGO) එකක් ඉදලා තමයි මෙ තරම් ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කරලා අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුණේ. රටේ අරාජිතක්වයක් ඇතිකිරීම සදහා ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට අවශ්‍යයයි ’’ යනුවෙන්ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘ මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගන්නා බව ඇමරිකාවේ ආසියා කටයුතු සම්බන්ධීකරණ ලේකම් රොබට්. ඕ. බ්ලේක් මහත්තයා කියලා තියෙනවා. ඡන්ද වැඩි ප‍්‍රමාණයක් තිබුණොත් අනිවාර්යෙන්ම ඔවුන් යෝජනාව ගෙන ඒවි. එතකොට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කරාවි. ඔවුන්ම තියෙන පරීක්ෂණය අනුව ශ‍්‍රී ලංකාවට අභූත චෝදනා එල්ල කරලා. සම්බාධක පැනවීමට ක‍්‍රියාකරාවි. දැනටමත් නො නිල මට්ටමින් යම් යම් අවස්ථාවලදී සම්බාධක පනවනවා. ජී. එස්. පී. ප්ලස් ඊට එක් උදාහරණයක්. තව වසර 2-3 කින් හේග් නුවර ජාත්‍යන්තර යුධ අධිකරණයෙන් ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයාට එරෙහිව වරෙන්තු නිකුත් කර ගැනීමේ මෙම සැලැස්මේ අවසන් පියවරයි. එසේ වරෙන්තු නිකුත් කරන විට මේ රජය පෙරළා දැමිය යුතුයි. මේ රජය වෙනුවට බටහිරට කත් අදින වෙනත් රජයක් තිබුණොත් ශ‍්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යාම එම රජයට බාර කරනවා. මෙන්න මේ බරපතල තත්ත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්. 1960, 1962 මේ රටේ කුමන්ත‍්‍රණ ක‍්‍රියත්මක වුණා. ඒවා සාර්ථක වුණා නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. ඒක නිසා බටහිර රටවලට අවශ්‍ය අකාරයේ කුමන්ත‍්‍රණ මේ රටේ ක‍්‍රියාත්මක කිරීමේ මූලික සැලසුම් සකස් වෙමින් පවතිනවා. අද ලිබියාව ආරජිකවෙලා ග්‍රෝත‍්‍ර අතර මරාගන්නවා. ලිබියාව තිබුණේ ලෝකෙට සතයක්වත් ණය නැති රටක් වශයෙන්. නිවාස ප‍්‍රශ්න නැහැ. ඉගෙන ගන්න හැමෝටම මුදල් දෙනවා. ඒ වගේ ජනතා ගැටලු අවම රටක්. අද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් අරාජික කරලා. ඒක නිසා මේ රටේත් එ වැනි තත්ත්වයක් ඇති කර ගැනීමට දරන සියලූ උත්සාහයන් පරාජය කළ යුතු යි. අපට එය පරාජය කළ හැකි යි’’ යනුවෙන්ද ප‍්‍රකාශ කළේය.