ශ්‍රී ලාංකේය සමාජය මේ මොහොතේ මුහුණ දී ඇති අර්බුදයන් පිළිබදව ජනතාව දැනුවත් කරන සහ අවනීතියට එරෙහි ජනතාව අවදි කරන අදිටනින් ගොඩ නැගූ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ ජීවිතයට යුක්තියට තේමා කර ගත් සම්මන්ත්‍රණ මාලාව ඉදිරියේ දී රට පුරා පැවැත්වීමට එම සංවිධාන ව්‍යුහය තීරණය කර ඇත. මෙහි පළමු සම්මන්ත්‍රණය ජනවාරි මස 31 වන දා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්විණි. දෙ වැනි සම්මන්ත්‍රණය මාර්තු මස 05 වන දා සවස 3 ට ගම්පහ යක්කල පාරේ ලක්මාල් උත්සව ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සම්මන්ත්‍රණ මාලාවේ මුලසුන හොබවනු ලබන්නේ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වන අතර විද්වතුන් රැසක් මේ සදහා සහභාගී වනු ඇත.
මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා කථිකයන් ලෙස දේශපාලන අධිකාරිය සහභාගී නො වුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මේ වෙනුවෙන් කැප වී කටයුතු කරන බව ද සංවිධායකයෝ පවසති.
"නීතිගරුක පාලනයක් - යුක්තිගරුක රටක්" ගොඩනැගීම උදෙසාවන විද්වත් හඩ සම්මන්ත්‍රණ මාලාව යාපනය, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර ආදී ප්‍රදේශයන්හි ඉදිරියේ පැවැත්වීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද එහි සංවිධායකයෝ පවසති.








