අද උදෑසන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා බේරුවලට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන් හමු වී මට නියමිතව තිබුණත් එම සංචාරය සීමා කිරීමට ඔහුට සිදු වූ බව වාර්තා වෙයි. සිරිකොත මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පාක්ෂිකයින්ගෙන් මුදල් එක් රැස්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (2012 පෙබරවාරි 03) බේරුවල ප්‍රදේශයට පැමිණීමට නියමිත බව මුලින් ප්‍රකාශ කොට තිබුණි.
මේ සදහා ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් කැදවා ගැනීමට එහි සංවිධායකයෝ වෙර දරා තිබුණේ තේ පැන් සංග්‍රහයක් සදහා යැයි පවසමින් ආරාධනා යැවීමෙනි.
එහෙත් අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහගේ පැමිණීමට විරෝධය පළ කරමින් බේරුවල ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.
සිරිකොත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් තවදුරටත් මුදල් එක්රැස් කිරීම අනවශ්‍ය බව උද්ඝෝෂණයට එක්ව සිටි බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රණසිංහ එහි දී පැවසුවේය.
ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් මේ වන විට එක්රැස් වී තිබෙන බව ඒ වෙනුවෙන් පත්කර තිබෙන කමිටුව ප්‍රකාශ කර තිබෙන බවත් චමිල රණසිංහ පවසයි.
ඒ අනුව තවදුරටත් පාක්ෂිකයින්ගෙන් මුදල් එක්රැස් කිරීම ගැටලු සහගත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට බිය වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ සංවිධායකයෝ අදාළ ස්ථානයට පිරිස කැදවා ගෙන ගියේ මාර්ග සැලසුම් වෙනස් කරමින් ය. ප්‍රධාන මාර්ග සහ නිශ්චිත ගමන්මාර්ග වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ කැටුව ගිය තේ පැන් සංග්‍රහයේ සංවිධායකයන් ඔහුව ගාල්ල බලා පිටත් කර හැරියේ ද අතුරු මාර්ග ඔස්සේ බව අප වාර්තාකරු පවසයි.
මෙම අවස්ථාවට මුහුණ දීම සදහා රනිල් පාර්ශවය පෙර සිටම දැඩි සූදානමක පසු විය. ඊට හේතු වූයේ මීට දින කිහිපයකට පෙර බේරුවලට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ ශිරාල් ලක්තිලක සහ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය දිනවීම පිළිබද සාකච්ඡාවක් ද පැවැත් වීමය. මෙම හමුව සදහා 500 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් සියල්ලෝම දැඩිව ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහට බේරුවල එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කිසිදු කැමැත්තක් හෝ පිළිගැනීමක් නැති බව ය.
කවුරුන් වැළැක් වූවත් තමන් රනිල්ට එරෙහිව උද්ඝෝෂණය කරන බව එහි රැස්ව සිටියෝ ශිරාල්, මෛත්‍රී ඇතුළු නියෝජිත පිරිසට පැවැසූ හ.









