ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට කිසිදු පක්ෂයක් සමග සාකච්ඡා කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එසේ හෙයින් එය සාකච්ඡා මාර්ගයෙන් කල් මැරිමට අවශ්‍ය නො වන ක්‍රියාදාමයක් බව ද ඔහු පවසයි.
මන්ත්‍රිවරයා සඳහන් කළේ, පසු ගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමග ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා පැවසුවේ, ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නිරන්තරව කැප වී සිටින බවයි.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ පිළිබඳ රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැතැයි ද දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අමෙරිකානු රජය විසින් ද ශ්‍රී ලංකා රජය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසයි.
එසේ නොවුණහොත් ජාත්‍යන්තර වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවලට යටත්වීමට සිදුවනු ඇති බවට ඔවුන් අවධාරණය කර ඇති බව එම්.ඒ.සුමන්දිරම් බී.බී.සී. ලෝක සේවය සමග පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා තම සාමාජිකයින් නම් කිරීමට පෙර රජය තමන් සමග එකඟ වූ පරිදි කටයුතු කළ යුතු බව සුමන්දිරම් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
කෙසේ වුව ද දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් නම් නො කළ ද කඩිනමින් තේරීම් කාරක සභාව රැස්කිරීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.








