'ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනිම' පිළිබද වාර්තාවක් දෙන්නැ'යි 'මානව හිමිකම් කොමිසම' හිටපු නීතිපති මෙන් ම වත්මන් ජනාධිපති නීති උපදේශකවරයෙකු වන 'මොහාන් පීරිස්' ට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මානව හිමිකම් කොමිසම මෙසේ විමසා ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ 'සරණාගතයෙකු වශයෙන් විදේශගතව සිටින' බවට 'වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව' වෙත මොහාන් පීරිස් හිටපු නීතිපති විසින් කරන ලද ප්‍රකාශය පදනම් කර ගෙන ය.
2009 ජනවාරි 24 වැනිදා පැහැරගැනීමට ලක් වූ දේශපාලන ලියුම්කරුවෙකු මෙන් ම කාටුන් ශිල්පියෙකු වන ප්‍රගීත් එක්නැලිගොඩ නැවත සොයාගැනීම වෙනුවෙන් මානව හිමිකම් කොමිසම මැදිහත් විය යුතු බවට ප්‍රගීත්ගේ බිරිද විසින් මානව හිමිකම් කොමිසම වෙත යවන ලද පෙත්සමක් අනුව මානව හිමිකම් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ අරඹා ඇති බව එම වාර්තා වැඩි දුරටත් පැහැදිලි කරයි.








