ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරීව සිටින බව කැනේඩියානු විදෙස් ඇමති කියලා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමා්ග පිළිබදවත්, සුළුතරයට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධවත්, උතුරේ පාලනය සම්බන්ධවත් තම රජයේ අවධානය දැඩිව යොමු වී ඇති බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ජේන් බර්යිඩ් ලන්බන් නුවර සම්මන්ත්‍රණයක දී පවසා අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
..... ශ්‍රී ලංකාවේ දමිළ සුළුතරයට එරෙහිව සිදුවන මානව හිමිකම් කඩකිරීම් සහ විශේෂයෙන් උතුරු පළාතේ සිදුවන සිදුවන හමුදාකරණය ආදිය සම්බන්ධයෙන් ඕනෑම සංවිධානයක් විසින් ඉදිරිපත් කරන වාර්ථා පිළිබදව අපි ඉතා සුපිරික්ෂාකාරී වෙනවා. මා නැවත කියා සිටින්නේ රජයක් ලෙස අපට හැකි සෑම තැනකම මෙම කාරණා මතු කර දැක්වීමට අප කිසිදු විටෙක පසුබට වෙන්නේ නෑ කියලයි. ලංකාව තුළ මේ තත්ත්වය යහපත් වනතුරුම අපේ කාර්ය අප විසින් දිගටම සිදුකරනු ලබනවා. කැනඩාව සෑම විටම නැගී සිටින්නේ ප්‍රතිපත්ති මත සහ අප විශ්වාස කරන්නා වූ අගයන් මත සිටයි...... යනුවෙන් කැනේඩියානු විදේශ අමාත්‍ය ජේන් බර්යිඩ් පවසා ඇත.
ඔහු මෙසේ පවසා සිටියේ පසුගිය දා ලන්ඩනයේ පැවති රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලිය සමාජය නම් සම්මන්ත්‍රණයේ දී දමිළ සංවිධාන නියෝජිතයින් පිරිසක් නගන ලද පැනයන්ට පිළිතුරු ලෙසින් බවත් එම වාර්තා සදහන් කරයි.
රටින් පිටත තමිල් ඊළාම් රජයේ කාන්තා, ළමා සහ වැඩිහිටි සම්බන්ධතා පිළිබද අමාත්‍යංශයේ ස්ථීර ලේකම් විජේ ජයනාදන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එම පිළිතුරු ලබා දී ඇති බවත් එම විර්තාවන් හි සදහන් වෙයි. ඒ අනුව රටින් පිටත තමිල් ඊළාම් රජය යන සංවිධානයට ජාත්‍යන්තර පිළි ගැනීමක් ඇති බව ද ප්‍රකට වෙයි.
එහි දී නැගුණු තවත් ප්‍රශ්ණයකට පිළිතුරු දුන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ....... අපේ අග්‍රාමාත්‍යවරයා සහ විදේශ ඇමතිවරයා ලෙස මම සෑම තැනක දී ම ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් සිද්ධාන්තවලට එරෙහි ක්‍රියාකාරකම් මතු කරලා තිබෙනවා. විශේෂයෙන් පසුගිය ඔක්තෝබරයේ දී පර්ත් නුවර පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියෙදී අපි මේ තත්ත්වයන් මතුකිරීමට අපේ උපරිම උත්සහය දැරුවා. අපේ අගමැතිවරයා ඉතා පැහැදිළිව කාරණා තුනක් වෙත අවධානය යොමුකරලා තිබෙනවා. යනුවෙනි.
1 - යුද්ධයේ අවසන්කාල සීමාවේදී සිදුවූ ක්‍රියා සම්බන්ධයෙන් විනිවිද ජාත්‍යන්තරයට පිළිගත හැකි වගවීමේ ක්‍රියාපටිපාටික් වෙත යොමුවීම
2 - දමිළ ජනතාවගේ නැවත පුනුරුත්තාපනය සඳහා ඉතා අවංක ක්‍රමවේදයක් නිර්මාණය කිරීම
3 - දැනට රජය විසින් සිදුකරන දමිළ ජනායගේ ඉඩකම් අත්පත් කරගැනීම නවතා දැමීම
මේ කාරණා පිළිබඳ ශ්‍රී ලංකා රජය ගන්නා වූ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන්ට සතුටු විය නො හැකි වුහොත්, තමන් 2013 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී නොවී සිටීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි විදේශ ඇමතිවරයා තවදුරටත් පැවසී යැයි එම වාර්තා සදහන් කරයි.







