1994 සිව මේ දක්වා පක්ෂයට ලැබුණු ආධාර මුදල් පමණක් නොව සාමාජික මුදල් පිළිබදවවත් කිසිදු වාර්තාවක් නොපෙන්වන රනිල්, දැන් හිගා කන්නට පටන් ගෙන ඇත්තේ තමන්ගේ මඩිය තර කර ගැනීමට සහ ජාමෙ බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් "ලංකාසිටිසන්" කළ විමසීමකට පිළිතුරු ලෙස පැවැසී ය.

එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානය ගොඩනැඟමේ අරමුදලට අකුල් හෙලන්නන් රාජපක්‍ෂ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කරුවන් බවට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කර ඇති සදහන පිළිබදව අප කළ විමසීමේ දී මෙම පිරිස් එම අදහස් පළ කළේ ය.

‘දැන් මේ රටට රාජපක්‍ෂ පාලනය ශාපයක් වෙලා තියෙන්නෙ. රාජපක්‍ෂලාගෙන් ජනතාව බේරගන්න අපි එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කරන්න ඕන. ඒකට අපි සියලු දෙනා එකට එකතු කරන්න හදනකොට කොටසක් මැරයන්ට අරක්කු පොවලා සිරිකොතට ගල් ගහන්න එවුවා. ඒකෙන් පක්‍ෂයේ සමඟියත් වැදගත්කමත් විනාශ උනා. දැන් පක්‍ෂ අරමුදල් හදනවාට විරුද්ද අයත් ඉන්නවා. ඒකට එරෙහි වෙන්නේ අපේ පක්‍ෂයෙ ඉන්න රාජපක්‍ෂ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්කාරයන්.’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා මේ දිනවල නිතර පවසන්නීය.

රනිල් තුරුල්ලේ සිටින කුරුණෑගල ප්‍රදේශයේ එක් දේශපාලකයෙක් පසු ගිය ජනාධිපතිවරණයෙන් පසුව පොල් අක්කර 10 ක් මිළ දී ගත් බවත්, කොළඹ කුරුදුවත්තේ නිවාස ගොඩනගන්නට සහ වෙනත් තුප්පහි කටයුතු සදහා තවත් මාතර පැත්තේ පරාජිතයෙකුට මිලියන ගණන් ගෙවා ඇති බවත් සදහන් කළ එම ප්‍රකාශකයා, කිසිදු ආදායම් මාර්ගයක් නැති රනිල් ගේ සුරතලුන්ට මෙසා විශාල ධනස්කණ්ධයක් වියදම් කිරීමට අවස්ථාව උදා චූයේ කෙසේ දැයි විමසන්නට තමන් සූදානම් බව ද පැවැසී ය. ගාල්ල ප්‍රදේශයේ තවත් රනිල් සුරතලෙක් කොළඹින් විශාල දේපළක් අයි කර ගෙන ඇතැයිද දැන ගන්නට ලැබී ඇතැයි පැවැසේ.

මැතිවරණ ආසනයක් තබා දිස්ත්‍රික් අනුපාත ක්‍රමය යටතේ ආසනයක් දිනා ගැනීමටවත් නො හැකි වූ ඇතැම් බංකොළොත් ව්‍යාපාරිකයන් දේශපාලනයට ඇදගෙන විත් ඔවුන් ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ පක්ෂයේ මූළ්‍ය වාර්තා යට ගසන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට දැන් කාලය එළැඹ ඇතැයි ද තවත් එ.ජා.ප ක්‍රියාකාරිකයෙක් පැවැසීය.

මෙම කරුණු පිළිබදව දීර්ඝ වාර්තාවක් සකසමින් සිටින බව පැවැසූ ඔවුහු එි පිළිබදව සුදුසු වේලාවේ දී කරුණු ඉදිරිපත් කරන බව ද පැවැසී ය. මේ පළිබද සවිස්තරාත්මක වාර්තාවක් පසුව පළ කරමු.