හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුපයක් ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පවසන්නීය.
තම සැමියා හෝ තමා හෝ පවුලේ වෙනත් අයකු හෝ කිසිදු ලෙසකින් සමාව නො ඉල්ලන බව අවධාරණය කළ ඇය, සාකච්ඡා සඳහා දෙ පාර්ශවයෙන්ම කොන්දේසි මාලාවක් පවතින බව කීවා ය.
කෙසේ වෙතත් මීට වඩා යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නො හැකි බවත් අද ( 2012 පෙබරවාරි 06) පිටකෝට්ටේ සෝලීස් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය කීවාය. මෙ මස 8 වැනි දාට ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කොට දෙ වසරක් සපිරෙයි.
ඒ නිමිත්තෙන් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරය සංවිධානය තිබේ. ලබන පෙබරවාරි 8 වන දින සංවිධිනය කර ඇති ෆොන්සේකා නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීමට තමන් සූදානම් බවද ඇය සඳහන් කරයි.








