ශල්‍යකර්මයන්ටත් ලක් කරලාලු...
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඇමැතිවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල ඕස්ටේ‍්‍රලියාවේ දී අනතුරකට මුහුණ පා ඇති බව ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මීට පැයකට පමණ පෙර නිල වශයෙන් ප‍්‍රකාශ කළේ ය.
රඹුක්වැල්ල ඇමති, ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වූ සිය පුත‍්‍රයාගේ දණහිසේ ශල්‍යකර්මයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරට ගොස් සිටිය දී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ තුන් වන මහලින් බිමට වැටී තිබේ. නවාතැන් ගෙන සිටි කාමරයේ පිටත බැල්කනියට පැමිණ ඇති කෙහෙලිය කුමන හෝ හේතුවක් නිසා බැල්කනිය හරහා අනෙක් කාමරයට යෑමට උත්සාහ දරද්දී බිමට ඇද වැටී ඇතැයි පැවැසේ.
ඔහු පවසන්නේ සිගරැට්ටුවක් බීම සඳහා එළියට පැමිණි පසු දොර ලොක් වීම නිසා අනෙක් කාමරය හරහා ඇතුලට යෑමට උත්සාහ කළ බවයැයි විදෙස් මාධ්‍යයක් වාර්තා කරයි. මෙම අවස්ථාවේ දී ඇමැතිවරයා සෑහෙන පදමකට මත්පැන් පානය කර සිට ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවේ සදහන් වෙයි.
තට්ටු තුනකින් බිමට වැටුනු කෙහෙළිය ඇමති, කුමන හෝ වාසනාවකට මෙන් වැටී ඇත්තේ පඳුරක් උඩට බැවින් ජීවිත හානියකින් තොර වුවත් කකුල් දෙකම බිඳී ඇත. කකුල් දෙකෙහිම ශල්‍යකර්ම සිදුකර තිබේ. හිසෙහි ද තුවාල පවතින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මේ පිළිබදව නිල වශයෙන් වැඩිමනත් තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍ය අමාත්‍යංශය පසුව දැනුම් දෙන බව පැවැසේ.
අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 07 වෙනි අඟහරුවාදා, 14:56)








