කොටි හිතවාදීන් බ්‍රිතාන්‍යයේ පැවැත්වූ
මවුබිමට එරෙහි ඡායාරූප ප්‍රදර්ශනයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් පින්තූර
අද නිකුත් වූ ලේක්හවුස් ප්‍රකාශනයක් වන දිනමිණ පුවත් පතේ මුල් පිටුවේ පුවතකට යොදා තිබූ සිරස්තලයකි ඒ. එහි අඩංගු වූ සම්පූර්ණ පුවත මෙසේ ය.
"................... කොටි සංවිධානයට හිතවත් සංවිධාන දෙකක් මෙරටට එරෙහිව පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඡායාරූප යවා තිබේ. ගෝලීය ද්‍රවිඩ සංසදය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් එම ඡායාරූප ප්‍රදර්ශනය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේදී පවත්වා ඇත. මෙරට ආරක්ෂක අංශ විසින් සද්භාවයෙන් සිදු කරන ලද ඇතැම් සිද්ධීන් පවා වැරැදි ලෙස පෙන්වා දෙන ඡායාරූප එහි ප්‍රදර්ශනය වෙයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් යවා ඇති එම ඡායාරූප අතර අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ ඡායාරූපයක් ද වෙයි. එම ඡායාරූපය පසුගියදා ලිප්ටන් වටරවුමේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාර උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කළ ඡායාරූපය වෙයි.
සමූල ඝාතනය නමින් මෙම ඡායාරූප ප්‍රදර්ශනය නම් කර තිබේ....."
මේ පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දක්වන අදහස් බලාපොරොත්තු වන්න.








