මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් එකට ජීවත් වන්නට පුලුවන් සහයෝගය අපට ලබා දෙන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටින්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ යාපනයේ දී ජනතාව අමතමින් ප්‍රකාශ කළේ ය.

තව ද, චාවකච්චේරි මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් වාට්ටු සංකීර්ණය ද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් ඊයේ (2012 පෙබරවාරි 06) ජනතා අයිතියට පත් කෙරිණි.

එහි සමරු ඵලකය විවෘත කළ ජනාධිපතිවරයා වාට්ටු සංකීර්ණය විවෘත කරන ලද්දේ එහි පීත්ත පටිය කපමිනි. අනතුරු ව එහි පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

එහි පැවති උත්සව සභාවට රෝහල් කාර්ය මණ්ඩලයට අමතර ව උතුරේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද අතිවිශාල ජනතාවක් ද එක් ව සිටීම විශේෂත්වයක් වූ බව රජයේ මාධ්‍ය වාර්තා කරයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙත යතුරු පැදි ප්‍රදානය කිරීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දමිළ සංස්කෘතික අංගයන්ගෙන් අලංකෘත වූ උත්සවයට සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ මැතිඇමතිවරුන් ද ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි ඇතුළු උතුරු පළාතේ රජයේ නිලධාරීහු රැසක් ද එක් ව සිටියහ.

chava hospital new ward complex

chava hospital new ward complex 1

chava hospital new ward complex