ටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුව වහාම රැස්කරන ලෙස, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව කතානායකවරයාට ලිපියක් යොමු කර ඇත. එම ලිපියයි මේ. 

ගරු කතානායකතුමා,

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,

කෝට්ටේ.

කතානායකතුමනි,

තෙල් මිල වැඩිකිරීම හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට අනුව යමින් ආණ්ඩුව විසින් ඩොලරයට සාපේක්‍ෂව රුපියල පාවෙන්නට ඉඩ හැරියේය. ඒ අනුව මේ වනවිට රුපියලේ අගය වේගයෙන් කඩා වැටෙමින් පවතී. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරිකය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ වනවිට තෙල් මිලද ලංකා ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. 

ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලික බස් සේවාව මුළුමනින්ම අඩපණ වී තිබේ. ධීවර ජනතාවට තම රැකියාව කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම ජනතාව පාරට බැස උද්ඝෝෂණවල නිරත වෙමින් ඇත. තවද ජනතාවද මහත් දුෂ්කරතාවයට පත්ව තිබේ. එහෙයින් හදිසි අවස්ථාවක් ලෙස මෙම තත්වය සලකා බලා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. 

මෙයට,

විශ්වාසී,

අනුර දිසානායක,

පාර්ලිමේන්තු මන්ත‍්‍රී - ජනතා විමුක්ති පෙරමුණ

2012.02.13