වැලිකඩ රැඳවියෙක් අධිකරණ භූමියේදී සන්නද්ද කණ්ඩායමක් විසින් පැහැරගනී

 

ත් කුඩු කිලෝ 13ක් ලඟ තබාගත්තැයි සැකපිට අත්අඩංගුවේ සිට, අලුත්කඩේ මහාධිකරණයට රැගෙන ආ සිරකරුවෙකු මාංචු පිටින් ආපසු බන්ධනාගාරයට ගෙන යාමට සූදානම් වෙද්දී සුදු වෑන් රියකින් ආ අවි ගත් පිරිසක් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහු පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත.

‘පස්වරු එකට පමණ සුදු වෑන් රියක් ආවා. ඔවුන් ළග තුවක්කු තිබුණා. ඉන් බැසගත් මිනිසකු බන්ධනාගාර රැකවලාගේ හිසට පිස්තෝලයක් තිබ්බා. මාංචු පිටින්ම සිරකරු වෑන් රියට දමා ගත්තා. වෑන් රිය වේගයෙන් ගියා‘ යැයි සිද්ධිය ඇසින් දුටු අයෙක් පවසා ඇත

පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් සිද්ධිය සහතික කරයි. මේ එම පුවතයි...

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එමින් සිටිය දී අධිකරණ සංකීර්ණය තුළදීම අවි ගත් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

මෙම රැඳවියා කොළඹ මහාධිකරණය පසුකොට මහෙස්ත්‍රාත් අධිකරණය දෙසට රැගෙන යමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක්ව ඇති බව හෙතෙම කියා සිටියේ ය.

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා කැලණිය, පට්ටිය හංදියේ පදිංචිකරුවකු වූ 52 හැවිරිදි පුද්ගලයකු බවත්,හෙතෙම මත් ද්‍රව්‍ය චෝදනාවලට ලක් වී බන්ධනාගාරගත කොට සිටි අයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

අද දහවල් 1.15 ට පමණ මෙම පැහැරගැනීම සිදුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශක පවසයි.