චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ සිට දිගින් දිගටම කරුණා සහ දේවානන්ද පාර්ශවයන්ට අරමුදල් පහසුකම් සලසා තිබූ නමුත්, රාජපක්ෂ රජය එළැඹීමත් සමගම එය ඇනහිටීමෙන් අපහසුතාවට පත් අදාළ පාර්ශව විසින්, විවිධ ක්‍රම උපයෝගීකර ගනිමින් දිගින් දිගටම මුදල් සොයා යනු ලැබූ බවත්, ඒ සදහා නීති විරෝධී ක්‍රියා සිදු කර ඇති බවත් හෙළිදරව් වූ විකිලීක්ස් පණිවුඩයක සදහන් වී ඇතැයි "කළම්බු ටෙලිග්‍රාෆ්" වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව දේපළ පැහැර ගැනීම්, පුද්ගල පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ආදිය සිදු කරමින් මෙම කණ්ඩායම් මුදල් උපයා ඇත. චන්ද්‍රිකා රජය සමයේ අදාළ පාර්ශව දිනා ගැනීම සදහා අරමුදල් සැපයූ බව එ වකට ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක්ට පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස සේවය කල රංගා බවත් බ්ලේක් යැවූ කේබල් පණිවුඩයේ සදහන්ව ඇතැයි කළම්බු ටෙලිග්‍රාෆ් කියයි.

මෙම කරුණට අදාළ සම්පූර්ණ ලිපිය පහත සදහන් විද්‍යුත් ඇමිණුම ඔස්සේ කියවන්න.
http://colombotelegraph.com/2012/02/15/wkileaks-gota-authorized-paramilitary-operations-sri-ranga/?blogsub=confirming#subscribe-blog

අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 16 වෙනි බ්‍රහස්පතින්දා, 18:41)