පසුගිය සතියේ දේශපාලන කරලිය හෙල්ලූම් කෑ පුවත් රාශියක් වාර්තා වුනත් එ් හැම ප‍්‍රවෘත්තියක්ම පරයමින් ජනාධිපතිවරයාගේ සිට පැළක ජීවත්වන අන්ත දුප්පත් මිනිසාගේ පවා අවධානය යොමුකර ගත්තේ මිනුවන්ගොඩ රොෂේන් චානක තරුණයයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විසින් යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත එරෙහිව සංවිධානය කරතිබූ උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටියදී පොලිස් වෙඩි පහරින් විසි දෙහැවිරිදි රොෂේන් චානක ජීවිතයෙන් සමුගත්තා. සරසවි සිසුන් වෙනුවෙන් ලබාදුන් නායකත්ව පුහුණුව,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් කප්පාදුව වැනි ප‍්‍රධානතම මාතෘකා මේ හේතුවෙන් දේශපාලන කරලියේ යටපත්වූ ස්වරූපයක් දක්නට ලැබුණා.

පෞද්ගලික අංශය වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක් සම්මාපදන කිරීමට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් සහභාගීවූ පළමු උද්ඝෝෂණයට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරවක් එල්ල කල දිනට දින දෙකකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටුනායකට ගියේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ ඉදිකෙරුණු බුද්ධ ප‍්‍රතිමාවක් නිරාවරණය කිරීම සඳහායි. ඉතා හදිසියේම ජනාධිපතිවරයාගේ දින පොතට මේ උත්සවය ඇතුලත් කිරීමට රජය පියවර ගෙන තිබුනේ ජනාධිපතිවරයාගේ ආගමනයත් සමඟ ප‍්‍රදේශයේ උද්ගතවී ඇති අර්බුධකාරී තත්වය විසදේ යැයි විශ්වාස කල නිසා බවද වාර්තා වෙනවා. එ් නුව ජනාධිපතිවරයා මෙම බුද්ධ ප‍්‍රතිමාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා. මේ අවස්ථාවට රජය නියෝජනය කරමින් ෆීලික්ස් පෙරේරා,සරත් ගුණරත්න,සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ,ප‍්‍රසන්න රණතුංග,නිමල් ලංසා, ඕලිත පේ‍්‍රමතිරත්න වැනි මැති ඇමතිවරුන් සහභාගීව සිටියා. විවෘත කිරීමේ උත්සවයෙන් පසු ජනාධිපතිවරයා දිවා ආහාරය ලබා ගත්තේ ගුවන් තොටුපල පරීශ‍්‍රයේම පිහිටා ඇති සෙරන්ඞීබ් අවන්හලෙන්. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සමඟ අදාල ස්ථානයේ රැුඳී සිටි සියළු දෙනාගේම මාතෘකාව බවට පත්ව තිබුනේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී වාතාවරණයයි. 

‘‘ මම මේ උත්සාහ කරන්නේ ළමයින්ට නරක දෙයක් කරන්න නෙමෙයි. මගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න තමයි මේ උත්සාහ. ඔබතුමාලට මතක ඇති මගේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේදී මම සඳහන් කර තිබෙනවා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප ක‍්‍රමයක් ඇති කරනවා කියලා. එ්ක තමයි මම ඉටුකරන්න උත්සාහ ගත්තේ. 1930 පැන්ෂන් ක‍්‍රමය අපේ රටට හදුවා දෙන කොටත් මෙවැනිම උද්ඝෝෂණ ක‍්‍රියාත්මක වුනා. අපි මේ හැම විරෝධතාවයක්ම නිවැරදිව කළමනාකරණය කරන්න  ඕනෑ. නැත්තම් දේශපාලනික වශයෙන් අපිට සිදුවෙනවා ආපස්සට හැරෙන්න.’’  ජනාධිපතිවරයා දීර්ඝව කරුණු දක්වමින් තමන්ගේ මතය ප‍්‍රකාශ කලා. එහිදී මැදිහත්වූ  ඕලිත පේ‍්‍රමතිරත්න හිටපු මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කලේ 

‘‘ සර් ඔච්චර සීරියස්ව හිතන්න තරම් ප‍්‍රශ්නයක් මෙතැන නැහැ. අපිට කරන්න තියෙන්නේ මුන් ටික එළියට එනකොටම අම්බානක නෙලන්න. ආපහු එකෙක්වත් එතකොට එළියට එන්නේ නැහැ’’

 ඕලිතගේ මේ කතාව අසල සිටි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ කෝපය නැංවීමට හේතුවක් වුනා. 

‘‘  ඕලිත, ඔය වගේ මෝඩ තකතීරූ කතා කියන්න එපා. එයාගේ ඔය චණ්ඩි කම් හින්දා තමයි මිනිස්සු ඔයාව ප‍්‍රතික්ෂේප කලේ. මේක ජාතික ප‍්‍රශ්නයක් වගේම දේශපාලනික ප‍්‍රශ්නයක්. එ්වා ඔය කියන විදියට චණ්ඩි කමෙන් කළමනාකරණය කරන්න බැහැ. ඔයා පාඩුවේ ඉන්න අපි මේ ප‍්‍රශ්නය නීතිය හා සාමය ආරක්ෂා වන ආකරයට විසඳන්නම්’’

ජනාධිපතිවරයාද සුදර්ශනීගේ කතාව අනුමත කරමින් කම්කරු අමාත්‍ය ගාමි ර්‍ණ ලොකුගේට දුරකතනයෙන් කතා කරමින් පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත නිදහස් වෙළඳ කලාපයට බලාත්මක නොවන ලෙස සංශෝධනය කරන්නැයි උපදෙස් ලබාදුන්නා. මුදල් අමාත්‍යාංශයේ ලෙකම් පී.බී.ජයසුන්දර මහතාට දුරකතනයෙන් කතා කල ජනාධිපතිවරයා කම්කරු අමාත්‍යවරයාට ලබාදුන් උපදෙස්ම ලබාදෙනු ලැබුවා. 

‘‘ අද අපි ගත්තු තීන්දු තීරණ කලාපයේ සේවක ස්විකාවන් වෙත දැනුම් දෙන වැඩ පිළිවෙලක් සූදානම් කරන්න  ඕන. ලංසා ඔයාට පුළුවන්නේ වාහනය ලවුස් පීකර් එකක් බැඳගෙන නිදහස් වෙළඳ කලාපය දැනුවත් කරන්න’’

ජනාධිපතිවරයා එ් වගකීම පැවරුවේ බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලංසා මහතාටයි. 

පසුගිය 30 වැනිදා  කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 5000 ක් පමණ කටුනායක පොලීසය ඉදිරිපිට ඇති නිදහස් වෙළඳ කලාපයේ හතරවැනි පිවිසුම් ෙදාරටුවෙන් කටුනායක දුම්රිය පල මාර්ගයට පිවිසියේ  රජයේ අත්තනෝමතික විශ‍්‍රාම වැටුප් පනතට සිය විරෝධය පළ කිරීම සඳහායි. මේ අවස්ථාවේදී එම ස්ථානය රජයේ අමාත්‍යවරුන් වන ෆීලික්ස් පෙරේරා,සරත් ගුණරත්න ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා යන පිරිස පැමිණ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡුා කරන්නට පටන් ගත්තා. මෙම රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡුා කිරීම සඳහා උද්ඝෝෂණය සංවිධානය කර තිබූ වෘත්තීය සමිති නායකයින් අසල තිබූ ක‍්‍රීඩංගනයේ ක‍්‍රීඩා ගාරයට ගිය අතර විනාඩි කිහිපයකට පසුව නැවත පැමි ර්‍ණ ඔවුන් තමන් සන්තකයේ තිබූ මෙගා ෆෝන් භාවිතා කරමින් උද්ඝෝෂකයින් අමතා ප‍්‍රකාශ කලේ 

‘‘ රජය කියනවා අපේ රැුකියාවන් සඳහා විශ‍්‍රාම වැටුප් පනත ක‍්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. එ් නිසා උද්ඝෝෂණය නතර කර දමන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. සහෝදර සහෝදරියන්ගේ අදහස දැන ගන්න අපි කැමතියි’’

වෘත්තීය සමිති නායකයෙක් තම සහෝදර සේවක පිරිස අමතමින් අනාවරණය කලා.

‘‘ එ්ක කරන්න එපා.ආණ්ඩුව අපේ සටන් අරගලය දියාරු කරන්න කරන උත්සාහයක් මේක. අපිව අනෙක් කම්කරුවන්ගෙන් තනි කරලා අපේ වෘත්තීය අරගලය පවා දෙන්න ගන්න කපටි ධනේෂ්වර උපක‍්‍රමයට සහෝදරවරු අහුවෙන්න එපා. අපි අද එලියට බැස්සේ අපි වගේම අපේ රටේ ලක්ෂ ගණනක් වන පෞද්ගලික අංශයේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ’’ උද්ඝෝෂකයින් අතරින් එවැනි සටන් වාක්‍ය ඇසෙන්නට විය. 

‘‘ ඔය ගොල්ලෝ යන්න,  ගිහින් වැඩක් බලා ගන්න, අපි අපේ සටන ගෙනියනවා’’ උද්ඝෝෂකයින් රජයේ නියෝජිත මැති ඇමතිවරුන්ට තමන්ගේ විරෝධතාවය එල්ල කලා.  තත්වය නරක අතර හැරෙන වග තේරුම් ගත් ඇමති ආරක්ෂක අංශය වහාම තමන්ගේ මහජන නියෝජිතයින් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරනු දක්නට ලැබුනා.

ආණ්ඩුවේ නියෝජිත පිරිස ඉවත්ව ගිය පසු උද්ඝෝෂකයින් පිරිස කටුනායක දුම්රිය පල මාවතේ ඉදිරියට ඇදෙමින් තමන්ගේ විරෝධතාවය දක්වන්නට වුණා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගෙන් සමන්විත ආයුධ සන්නද්ධ 1000 කට අධික පොලිස් බළ ඇ ර්‍ණයක් උද්ඝෝෂකයින් පැමිණෙන මඟ හරස් කරමින් සිටියා. එ් අතර බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගාමි ර්‍ණ නවරත්න වගේම නියෝජ්‍ය පොලිස්පති රවී විජේවර්ධන රැුඳී සිටියා. උද්ඝෝෂකයින් අතරට ගිය නියෝජ්‍ය පොලිස්පති රවී විජේවර්ධන 

‘‘ තමුන්නාන්සේලාට උද්ඝෝෂණ  කරන්න දෙන්න බැහැ. කරුණාකරලා මෙතැනින් ඉවත් වන්න. නැත්තම් මහජන සාමයට හා නීතියට බාධා වුනා යන චෝදනාව යටතේ අපිට සිදුවෙනවා තමුන්නාන්සේලාව අත්අඩංගුවට ගන්න හෝ නැත්තම් විසුරුවා හැරීම සඳහා අවම බලය භාවිතා කරන්න’’ 

‘‘ සර් කොහොමද එහෙම කියන්නේ අපි නීතිය කඩවෙන දෙයක් කරලා නැහැනේ. ඔයගොල්ලෝ දන්නේ අසරණ අයට ගහලා පටි ගහ ගන්න විතරයි. කරුණාකරලා ඉදිරියෙන් අයින් වෙන්න. අපි සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වෙන්නම්’’ මේ උද්ඝෝසකයින්ගේ පොදු මතය වුනා. පොලීසිය ඉවත්වන බවක් හෝ උද්ඝෝෂකයින් විසිරී යන සේයාවක් වත් දක්නට තිබුනේ නැහැ. ගතවූයේ විනාඩි කිහිපයකි. උද්ඝෝෂකයින් අතර සිටි පිරිසක් පොලීසිය දෙසට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කලා. එම ප‍්‍රහාරයට ලක්වූයේ දිරියේ සිටි පොලිස් නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් පමණයි. ප‍්‍රහාරය හේතුවෙන් මුළින්ම බිම ඇද වැටුනේ නියෝජ්‍ය පොලිස් පති රවී විජේවර්ධන මහතායි. ප‍්‍රහාරයෙන් පොලීසියේ 18 දෙනෙකු පමණ තවාල ලබනු දක්නට ලැබුනා. පොලීසිය ආපස්සට දිව ගිය අතර විනාඩි කිහිපයකින් පසු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 1000 ක් පමන සේවකයින් සිටින දෙසට දිවගෙන පැමි ර්‍ණයා.

‘‘ ගහපල්ලා,එකෙක්ට වත් දුවන්න දෙන්න එපා,මරපල්ලා’’ පොලිස් ලොක්කන් එසේ විදාන දෙනු අසන්නට ලැබුනා. විනාඩි කිහිපයක් තුල වෙඩි හඬ පවා අසන්නට ලැබුණු අතර වෙඩි වැදුනු තරුණයින් 6 දෙනෙකු ඇතුළව තුවාල ලැබූවන් 250 කට අධික පිරිසක් මීගමුව හා රාගම රෝහල් වෙත ඇතුලත් කරනු ලැබූවා.

‘‘ සර් කටුනායක උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තියලා’’

ජනාධිපති පෞද්ගලික ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා අදාල සිද්ධිය පිළිඳව ජනාධිපතිවරයා දැනුවත් කලා.

‘‘ ඔය කරලා තියෙන්නේ වැඩක්, නෙවිල් මට ගෝඨාභයව අරන් දෙන්න’’ ජනාධිපතිවරයා ගොඨාභය රාජපක්ෂ මහතාව ඇමතුවා. එ්වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා රැුඳී සිටියේ කොළඹ පැවැත්වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ශ‍්‍රී ලාංකික උපාය මාර්ග පිළිබඳව දැනුවත් කෙරෙන ජාත්‍යාන්තර උත්සවයකට සහභාගී වෙමින්

‘‘කටුනායක උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තියලා. ඔයා එ් ගැන දැනුවත්ද?’’

ගෝඨාභය මහතාගේ පිළිතුර වූයේ තමන් එ් පිළිබඳව කිසිවක් දන්නේ නැති බවයි. එ් අනුව ජනාධිපතිවරයා පොලිස්පති මහින්ද බාලසූරිය වෙත දුරකතනයෙන් කතා කර වහාම අරලිය ගහ මන්දිරයට පැමිණ තමන් හමුවන ලෙස දන්වා සිටියා. 

‘‘ සර් වෙඩි වැදුන තරුණයෙකුගේ තත්වය අසාධ්‍යයි. ඔහුගේ වකුගඩු පවා අක‍්‍රීයව තිබෙනවා. ඔහුව ජීවත් කරවන්න ටිකක් අමාරුයි. අපි වහාම මෙයට මැදිහත් විය යුතුයි’’ ජනාධිපතිවාරයා අමතමින් සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරිය ප‍්‍රකාශ කලා. 

‘‘ සුදර්ශනී කොලඹින් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යවන්න කටයුතු කරන්න. ඔයා මූලික වෙලා මේ කටයුතු බලා කියා ගන්න’’ ජනාධිපතිවරයා සුදර්ශනීට උපදෙස් දෙනු ලැබීය. මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදංචිව සිටි රොෂේන් චානක නැමැති තරුණයාගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඔහුගේ දකුණු පාදය කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබු ර්‍ණ. තත්වය එන්න එන්නම දරුණු වෙත්ම ජනාධිපති ප‍්‍රදේශය නියෝජනය කරන සියළු දේශපාලඥයින්ට උපදෙස් දුන්නේ රොෂේන්ගේ තත්වයත් සමඟ විපක්‍ෂය දේශපාලන වාසි ලබා ගැනීම වැලැක්වීම සඳහා කටයුතු කරන ලෙසටයි. එ් අනුව ෆීලික්ස පෙරේරා,ප‍්‍රසන්න රණතුංග රෝහලේ රැුඳී සිටිමින් රොෂේන්ගේ පවුලේ උදවිය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ කරන අයුරු නිරීක්‍ෂණය විය. මේ අතර එජාපය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ජාතික සංවිධායක රවී කරුණානායක ජාතික සේවක සංගමයේ සභාපති ෙදාස්තර ජයලත් ජයවර්ධන ජවිපෙ නියෝජනය කරමින් විජිත හේරත්,අනුර කුමාර දිසානායක වැනි මහජන නියෝජිතයින් රෝහල වෙත පැමිණ සිද්ධියෙන්  තුවාල ලැබූවනි බලනු දක්නට ලැබු අතර මේ හැම පැමි ර්‍ණමකම දේශපාලනික අරමුණු විනා සේවකයින් වෙනුවෙන් හෝ අසාධය තත්වයේ පත්වූ රොෂේන් චානක වෙනුවෙන් කල හැකි දෙයක් ගැන සාකච්ඡුා කරනු දක්නට නොලැබු ර්‍ණ. ආණ්ඩුව හා ජනාධිපතිවරයා නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ රොෂේන් බැලීමට පැමි ර්‍ණයේ ජනධිපතිවරයාගේ පෞද්ගලික වෛදය එලියන්ත් වයිට් මහතාද සමගිනි. පැය දෙකකට ආසන්න කාලයක් රෝහලේ රැුඳී සිටි නාමල් ඉන් පිටත්ව ගියේ රොෂේන්ගේ පවුලේ උදවිය සමඟ බොහෝ වේලා කතාකරමින් සිටය. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදා ගයන්ත කරුණාතිලක සුජීව සේනසිංහ දුනේෂ් ගන්කන්ද සමඟ රාගම රෝහලට පැමිණ රොෂේන්ගේ සුවදුක් මෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක්ද විමසා සිටියා. මේ අතර ජනාධිපති මහින්ද කටුනායක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විභාග කිරීම සඳහා එ්ක පුද්ගල ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබූ අතර එයට විශ‍්‍රාමික මහාධිකරන විනිසුරු මහානාම තිලකරත්න මහතාව නම්කරනු ලැබිණ. පොලිස්පතිවරයාද  කටුනායක සිද්ධිය සෙවීමේ කටයුතු නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතුංග මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමකට පැවරුණු අතර බස්නාහිර පළාත භාරව ක‍්‍රියාකල නියෝජ්‍ය පොලිස්පති ගාමි ර්‍ණ නවරත්න මධ්‍යම පළාත වෙත මාරුකර යැවිණ. ගාමි ර්‍ණ නවරත්න මධ්‍යම පළාතේ සිට බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කිරීම ආරම්භ කොට ගතව තිබුනේද දින හතරකි. 

රොෂේන් චානකගේ තත්වය මේ වන විට ඉතාමත් දරුණු තත්වයකට හැරී තිබුණු අතර ඔහුට කෘතීම ස්වශනය පවා ලබා දීමට රෝහල් බලධාරීන් කටඩයුතු කොට තිබු ර්‍ණ. විනාඩියෙන් විනාඩියට රොෂේන් චානකගේ තත්වය පරීක්ෂා කිරීම සඳහා විවිධ පක්ෂවල දේශපාලඥයින් මෙන්ම මාධ්‍ය ආයතනද රාගම රෝහල වෙත දුරකතනයෙන් සම්බන්ධ වෙමින් සිටි අතර රොෂේන් චානක මේ සියළු දෙනාම අතරහැර දමමින් පළමු වැනිදා ජීවිතයෙන් නික්ම ගියා. රොෂේන් මිය ගිය පුවතජනාධිපතිවරාට මුලින්ම සැලකිරීම සඳහාද ආන්ඩු පක්ෂයේ පිරිස් අතර තරඟයක් තිබු අයුරුද අපට නිරීක්ෂණය වුණා. සමහර මැති ඇමතිවරු රාගම රෝහලෙන් පිටත්වූයේ ඔහුගේ සහචරයන් පිරිසක් රෝහල තුල නවත්වමින්. කෙසේ නමුත් ප‍්‍රවෘත්තිය මුලින්ම ජනාධිපතිවෙත වාර්තා කලේ බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගයි. 

‘‘ සර් වෙඩි වැදුනු ලමයා දැන් මැරුණා’’

ප‍්‍රසන්නට කතා කිරීමට හැකිවූයේ එපමණකි. ජනාධිපතිවරයා දුරකතනය විසන්ධි කලා. ඉන් අනතුරුව විනාඩි කිහිපයකින් ප‍්‍රසන්නගේ ජංගම දුරකතනයට කතාකල ජනාධිපති 

‘‘ප‍්‍රසන්න අවමංගල්‍යයේ සියළු කටයුතු රාජ්‍ය අනුග‍්‍රාහය ඇතිව සිදුකරන බවට ඥතීන්ට දන්වන්න. එයට අදාල සියළු දේ හොයා බල්න මම දැන් ඩලස්ව එවනවා.ඔයා ඩලස් එක්ක එකතුවෙලා මේක කොඩිනේට් කරන්න’’ උපදෙස් දෙනු ලැබුවා. මේවන විට ප‍්‍රසන්න රැුඳී සිටියේ රොෂේන්ගේ නිවසේයි. ජනාධිපති මහින්ද නැවතත් ප‍්‍රසන්නගේ දුරකතනයට කතා කොට පැවසූවේ රොෂේන්ගේ දෙමාපියන් සමඟ තමන්ට කතා කිරීමට අවශ්‍ය බවයි. නමුත් මේ වන විට ඔවුන් නිවසේ නොසිටි හෙයින් ජනාධිපතිවරයා රොෂේන්ගේ මිත්ත ර්‍ණය සමඟ දුරකතනයෙන් විනාඩි 30ක පමණ කාලයක් කතාබස් කරනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඩලස් අලහප්පරෙැම කෙලින්ම ගියේ රාගම රෝහලට එහිදී රොෂේන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡුා කල ඩලස් රොෂේන්ගේ පියාව දුරකතනයෙන් ජනාධිපතිතුමාහා සම්බන්ධකර දුන්නා. 

‘‘ සර් ඇයි සර් මේ වගේ දෙයක් පොලීසියෙන් කලේ. අපි සර්ට ඡුන්දය දුන්නු මිනිස්සු.සර් දන්නවානේ අඹගහවත්තේ කිරි මහත්තයා. එයා තමයි මගේ මස්සිනා.’’ රොෂේන්ගේ පියා ප‍්‍රකශ කලා. මේ සියල්ල අසා සිටි ජනාධිපතිවරයා රොෂේන්ගේ ඝාතනයට තමන් අවංකව කනගාටු වන බව රොෂේන්ගේ පියාට ප‍්‍රකාශ කලා. රොෂේන්ගේ දේහය මිනුවන්ගොඩ නිවසට රැුගෙන යන්නට පෙර ප‍්‍රදේශය පුරා කඩිනම් සංවර්දන ව්‍යාපෘති ගණනාවක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු දක්නට ලැබුනා. වසර ගණනාවක් පිළිසකර නොකෙරුණු මාර්ග,පාලම්,විදුලි ආලෝක කණු,බෝක්කු මෙන්ම කාණු පද්ධතීන්ද කඩිනමින් පිළිසකර කිරීම සිදුකිරීමට රජය පියවර ගෙන තිබුනා. මේ කටයුතු සියල්ල සිදුකෙරුණේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපදෙස් මතයි. 

මේ අතර පොලිස්පති මහින්ද බාලසූරිය මහතාව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබුණා. මේ හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයේදීයි. 

‘‘ බාලේ දැන් මොකද කියන්නේ? කවුද පොලීසියට වෙඩි තියන්න  ඕඩර් එක දුන්නේ’’ ජනාධිපතතුමන් පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්නකලේ දැඩි ආවේගයකිනි. 

‘‘ සර් මමත් ඔය කාරණය ගැන පරීක්ෂණයක් පවත්වනවා . මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති රවී විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක් අරන් තියෙනවා. එ්වගේම සිද්ධිය මොහොතේ අදාල ස්ථානයේ රාජකාරී කල සීදුව ධෂක්‍ වයි තවත් ෂඡු කෙනෙකුවයි අත්අඩංගුවට අරගෙන තියෙනවා’’ ජනාධිපති හමුවේ පොලිස්පතිවරයා හෙලි කලා. 

‘‘ අයිසේ මට දැන ගන්න  ඕන වෙඩි තියන්න කිලයා කවුද කිව්වේ කියලා. ගොඨා කිව්වෙත් නැත්තම් තමුසෙද වෙඩි තියන්න  ඕඩර් එක දුන්නේ’’ ජනාධිපතිවරයා විමසා සිටියේ ආවේගයෙනි. 

‘‘ සර් මම කාටවත් වෙඩි තියන්න  ඕඩර් එක දුන්නේ නැහැ. මෙයට පෙර අවස්ථාවලදීත් මට පිටින් පහල නිලධාරීන්ට නොයෙක් අය  ඕඩර් දීලා තියෙනවා. මේ  ඕඩර් එක දුන්නු එකේ වගකීම කවුරුත් භාර ගන්නේ නැත්තම් සර් එ්ක මම භාර ගන්නම්. අද ඉඳල මම පොලිස්පතිකමින් ඉල්ලා අස්වෙනවා සර්’’ 

තමන්ගේ වගකීම භාරගත් පොලිස්පති මහින්ද බාලසූරිය එදිනම හවස තම්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය හරහා ආරක්ෂක අමාත්‍යාංශටත් ජනාධිපතිවරයාටත් යොමුකල අතර  පැයක් ගතවෙන්නටත් කලියෙන් ඉල්ලා අස්වීම අනුමත කොට වැඩ බලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතාව පත්කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබුනා. 

මේ අතර රජයේ අමාත්‍යවරුන් ගණනාවක්ම වැල නොකැඞී රොෂේන්ගේ නිවසට පැමිණෙමින් තිබූ අතර අමාත්‍ය මර්වින් සිල්වාද ඉතාලියේ සිට පැමිණ වහාම ගියේ රොෂේන්ගේ නිවසටයි. 

‘‘ ජවිපේ තමයි මේ මරණයට වගකියන්න  ඕන. මම මර්වින් සිල්වා විදියට තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා වැරදිකරුවන් නීතිය හමුවට ගෙන යන්න එපා කියලා. එ් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න මේ මර්වින් සිල්වා කියන රුහුණු පුත‍්‍රයාට පුළුවන්’’  තත්වය මෙසේ තිබියදී රොෂාන්ගේ ඥතීන් තමන්ගේ සහෝදරයාගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධ අධිකරණය වෙත ගියේ තහනම් නියෝගයක් ලබා ගැනීමේ අරමුණෙනි. ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම ඥතියාගේ අවමංගල්‍ය දේශපාලඥයින්ගේ කතාවලින් තොර කිරීමට තමන් සිතා සිටින බැවින් එ් වෙනුවෙන් වාරන නියෝගයක් ලබාදෙන ලෙසයි. රොෂේන්ගේ ඥතීන් ඉල්ලා සිටිනු ලැබූ වාරණ නියෝගය එ් අයුරින්ම අධිකරණයවිසින් ලබාදුන්  අතර දේශපාලන වේදිකාවක් බවට රොෂේන්ගේ අවමංගල්‍ය පත්කර ගැනීමට දේශපාලඥයින් දැරූ වෑයම එ් අනුව නිෂ්ප‍්‍රභා විය.

කටුනායක උද්ඝෝෂණය නිරතවූ කම්කරුවන්ට හා ජනතා විමුක්ති පෙරමුණට විරෝධය පල කරමින් දුමින්ද සිල්වා සංවිධානය කල උද්ඝෝෂණයක් කොළඹ කොටුවේදී පැවැත්විණ. මේ සඳහා කොළොන්නාව,රාජගිරිය,බොරැුල්ල වැනි ප‍්‍රදේශ නියෝජනය කරමින් තරුණයින් හා වැඩිහිටි  පිරිසක් සහභාගීව සිටි අතර දුමින්දට මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබුනේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දුමින්දට අමාත්‍යධූරයක් ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ සංවිධානය කර තිබූ දේශණය අවලංගු කරමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලේ රොෂේන්ගේ ඝාතනයට විරෝධය පල කිරීම සඳහායි. මෙහි සංවිධාන කටයුතු සිදුකරමින් පවතින අතර තුර ජවිපේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණු අතර එයින් කියවුනේ විරෝධතා පෙළපාලියට පහරදීම සඳහා රජයෙන් මැරයින් පිරිසක් අනගාරික ධර්මපාල මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම දෙසට එවමින් තිබෙන බවත් ඔවුන් අත පොළු මුගුරුද ඇති බවත්ය. විජිත වහාම මේ සම්බන්ධයෙන් ජවිපේ ලේකම් ටිල්වින් සිල්වා මහතා දැනුවත් කල අතර ටිල්වින් ප‍්‍රකාශ කලේ ඇතිවන  ඕනෑම තත්වයක් වෙන්වෙන් තමන්ද පාක්ෂිකයින් දැනුවත් කොට සූදානමින් පසුවෙන ලෙසයි. මෙම මැර පිරිස ප‍්‍රවාහනයකර තිබුනේ බස්රථ 8 කින් වන අතර ජවිපේ උද්ඝෝෂණයට පහරදීමට ඔවුන්ට ලැබී තිබුණු උපදෙසයි. මීගමුව,කැලනිය,බොරැුල්ල,ටොරින්ටන් වැනි ප‍්‍රදේශවලින් මේ සඳහා මැරයින් ප‍්‍රවාහනය කොට තිබු ර්‍ණ. නමුත් මැරයින් ප‍්‍රහාරය සඳහා සූදානම් වන අයුරු ජනාමාධ්‍යවේදියකු විසින් ඡුායාරූප ගතකොට එය අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධ කර තිබීම හේතුවෙන් ප‍්‍රහාරය හකුලා ගැනීමට රජයට සිදුවිය.

එජාප නායකයා තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය ෂතිය ආරම්භයේදීය. ඔහු එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක‍්‍රිෂ්ණ ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ මුණගැසී සාකච්ඡුා පැවැත්වුයේ වර්තමනයේ ලංකාවේ උද්ගතව ඇති දේශපාලන තත්වය පිළිබඳවයි. රනිල් හා තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමති ජයලලිතා ජෙයරාම් අතර ද්වීපාර්ශවික සාකච්ඡුාවක්ද මෙම සංචාරයේදී පැවැත්වින.

සටහන-නිරෝධ


අවසන් යාවත්කාලීන කිරීම (2011 ජූනි 04 වෙනි සෙනසුරාදා, 22:54)