මාස තුනක අධීක්ෂණ කාල සීමාවකට යටත්ව මෙ වර එජාප ආසන සංවිධායක පත්වීම් ලබා දුන් බවත් අදාළ කාලය තුළ නියමිත ඉලක්ක සපුරාලීමට අපොහොසත් වන පිරිස් තරාතිරම නො බලා සංවිධායක ධුරවලින් ඉවත් කරන බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පවසා ඇත.
ආසන සංවිධායක ධුර පිරිනැමීමේ දී කෘත්‍යාධිකාරි මණ්ඩලය අදාළ තීරණය ගනු ලැබුවේ ඇතැම් සංවිධායකවරු නමට පමණක් සංවිධායක ධුරයේ සිටින බවට තහවුරු වී ඇති නිසා බව ද ඔහු කියා ඇත.
ආසන බල මණ්ඩල පිහිටුවීම, පාක්ෂිකයින් බඳවා ගැනීම, පක්ෂ කාර්යාල විවෘත කිරීම යන කරුණු තෙ මසක කාලය තුළ අධීක්ෂණය කිරීමට නියමිතය. එම ඉලක්ක සපුරා නැති සංවිධායකවරු ඉවත්කර ඒ වෙනුවට වෙනත් අය පත්කිරීමට පක්ෂය ක්‍රියා කරන බවද ඔහු පැවසීය.
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා විසින් පත් කර ගෙන සිටින තමන්ගේම සුවච කීකරු ගේල බාලයන් ට මෙම තීරණ වලංගු වන්නේ කෙසේ දැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අප කළ විමසීමක දී පැවැසී ය.
මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට පවා පත් කර ගෙන සිටින පරාජිත සහ අදේශපාලනික රනිල් ගේ ගෝල බාලයන් මාස ගණනාවකින් තමන්ගේ ආසනයේ තබා දිස්ත්‍රික්කයේවත් පාක්ෂිකයන් හමු වී නැති බව අප කළ විමසීමේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප දේශපාලනඥයෙක් පැවැසී ය.
සති අන්ත හෙවත් WEEK END POLITICS කරන සහ පාක්ෂිකයන් වෙනුවෙන අබමල් රේණුවක තරම්වත් උනන්දුවක් නො දක්වන කිසිදු සංවිධායකවරයෙකුට මේ අනුව ලබන අප්‍රේල් මාසයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූර නො ලැබෙනු ඇත. ඒ අනුව හාන්සි පුටු දේශපාලනයට එක්සත් ජාතික පක්ෂය ආයුබෝවන් කීමට යාම සතුට කරුණක් බව මාතර ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක් ලංකාසාටාසන් සමග අදහස් දක්වමින් සැනසුම් සුසුම් හෙලූ හ.
LATEST LOCAL NEWS
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින් රාජපක්ෂ වෙනුවෙන් අණ බෙර ගැසුවේ ය.
මෙරට දෙමළ ජනය...
Read more








