2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව අද(07) කොළඹ දී ආරම්භ වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධානය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ මෙම සමුළුව හා වැඩමුළුව පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ.
විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ.
ජනතාවගේ දෛනික ජීවිතයට ඵලදායී අන්තර්ගතයන් ජංගම දුරකථනය තුළට ගෙන ඒමේ සහ ජංගම දුරකථන අන්තර්ගතයන් පුළුල් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරේ. එසේම ආසියානු කලාපයේ විශිෂ්ටතම ජංගම දුරකථන අන්තර්ගතයන් සදහා සම්මාන පිරිනැමෙන mBillionth 2011 විනිසුරු මඩුල්ල ලබන 8 සහ 9 යන දිනවලදී කොළඹදී රැස්වී සිය විනිශ්චයන් විශ්ලේෂණය කිරීමට නියමිතය.
ජංගම දුරකථන අන්තර්ගතයන් නිර්මාණය කිරීම මේ වන විට මෙම ක්ෂේත්‍රයේ අත්‍යවශය සාධකයක් බවට පත්ව ඇති බවත් එය විශාල කර්මාන්තයක් මෙන්ම එමගින් අපගේ දක්ෂතා ඇති තොරතුරු තාක්‍ෂණ නිර්මාණ ශිල්පීන්ට කලාපය තුල හොද අනාගතයක් ගොඩනගා ගැනීමට මෙවැනි සමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෙහෙවින් වැදගත් වන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර සදහන් කළේය
LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
REST OF LOCAL
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |








