
මාලදිවයින උප ජනාධිපතිවරයාව සිටි ආචාර්ය මොහොමඩ් වහීඩ් හසාන් මාලදිවයිනේ 4 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් නෂීඩ් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග උප ජනාධිපතිවරයා අභිනව තනතුරට පත්ව තිබේ.
දින ගණනාවක් පුරා පැවති විපක්ෂයේ හා පොලීසියේ විරෝධතා හේතුවෙන් මොහොමඩ් නෂීඩ් අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ආචාර්ය වහීඩ් හසාන් ට අවස්ථාව ලබා දී ඇත.
මේ ඒ පිළිබද සවිස්තරයකි.....
තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය.
එරට රූපවාහිනිය අල්ලා ගත් මාලේ පොලීසිය විපක්ෂ නාලිකාවක් ද විකාශනය කිරීම ඇරැඹීය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එරට පළමු ජනාධිපති ලෙස සැලකෙන නෂීඩ් රාජ්‍ය රූපවාහිනියෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය කළේය.
‘වත්මන් තත්ත්වය යටතේ ඉල්ලා අස්වීම රටට යහපත් වනු ඇත. අයෝමය හස්තයකින් රට පාලනය කිරීම මට අවශ්‍ය නැත. මම ඉල්ලා අස්වෙමි‘ යනුවෙන් ඔහු රූපවාහිනියෙන් නිවේදනය කළේය.
ඔහු ඉල්ලා අස්වීමේ නිවේදනය කළේ මාලේ පොලීසියේ කොටසක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සමග එක්වී පසුගිය තෙසතියේ විරෝධතා පැවැත්වීමත් සමගය.
ජනපති කාර්යාලය එය හැඳින්වූයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙසය.
වීදි බැස කැරැලි ගැසූ උද්ඝෝෂකයන් හා යුද හමුදා මූලස්ථානය අසල රැස්ව කලබල කළ පොලීසිය පලවා හැරීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ පාවිච්චි කළ බව හමුදා ප්‍රකාශක කර්නල් අබ්දුල් රහීම් ලතීෆ් ප්‍රංශ පුවත් සේවයට කීවේය.
පෙරදින මැදියම් රැයේ සිට විටින් විට හටගත් ගැටුම් අද (07) උදේවන තුරු පැවැති බව ද ඔහු සඳහන් කළේය.
ඉල්ලා අස්වන්නයැයි ජනපතිට බල කිරීම වේගවත් වූයේ විෂමාචාර හා විපක්ෂයට හිතවත්වී යැයි එරට අපරාධ අධිකරණ අගවිනිසුරු අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගන්නැයි ජනපති විසින් නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.
මාලදිවයිනේ ජනපති වෙබ් අඩවිය මාලේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමය හා රටේ ස්ථාවරභාවය රකින ලෙස හා සාමකාමීව සිටින ලෙසයි.
මාලදිවයිනේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට උදව් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ දේශපාලන තටයුතු අංශයේ සහකාර මහලේකම් ජනරාල් ඔස්කා ෆර්නැන්ඩස් ටරන්කෝ ලබන බ්‍රහස්පතින්දා මාලේ අගනුවරට පැමිණිමට නියමිතය.
ඔහු එනුයේ මාලේ විදේශ ඇමැති අහමඩ් නසීම්ගේ ඇරැයුමෙනි. ඉල්ලා අස්වූ ජනපති නෂීඩ් දේශපාලන සිරකරුවෙක් විය. 2008 දී පැවැත්වූ ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික ජනපතිවරණයේදී ඔහු ජනපති පදවියට පත්වූයේ දීර්ඝ කාලයක් පැවැති මයුම් අබ්දුල් ගයුම්ගේ ඒකාධිපති පාලනය අවසන් කරමිනි.
සංචාරක ව්‍යාපාරයෙන් හා ධීවර කර්මාන්තයෙන් යැපෙන මාලදිවයින දූපත් 1198 කින් සමන්විතය. තරුණ විරැකියාව, මත්කුඩු ප්‍රශ්නය, ඉස්ලාම් මූලධර්මවාදය, සංචාරක අවපාතය හා ජගත් ආර්ථික පසුබෑම වැනි කරුණු නෂීඩ් පාලනයට එරෙහිව අතෘප්තිය පැතිරවීමට හේතුවූ බව දේශපාලන විචාරකයෝ කියති.
නෂීඩ් හැමවිටම ගයුම්ගේ දේශපාලන විවේචකයා හා විරුද්ධවාදියා විය.
රටින් පිටුවහල්වී සිටියදී ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ජනපතිවරණයේ දී ඔහු සියයට 54 ඡන්දය දිනා සිය රට පැමිණියේ වීරයකු ලෙසයි. ඔහුගේ ජයග්‍රහණයෙන් උද්දාම වූ මාලදිවයින් වැසියෝ එදා වීදි බැස නටමින් ගයමින් සතුට පළ කළහ.
අවසන් යාවත්කාලීන කිරීම (2012 පෙබරවාරි 07 වෙනි අඟහරුවාදා, 17:31)
LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
REST OF LOCAL
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |







